Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර 400කට රුසියානු සයිබර් ප්‍රහාර

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව, අමෙරිකාව සහ එක්සත් රාජධානිය වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරවල පිටුපස සිටියේ රුසියාව බව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.
 
ඔස්ට්‍රේලියාවේ දහස් ගණනක් වූ අනාරක්ෂිත routers රුසියානු හැකර්වරුන් විසින් ග්‍රහණයට ලක් කර ඇති බවත් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂණ ඇමතිනී මේරිස් පෙයන් ට අනුව ඔස්ට්‍රේලියානු සමාගම් 400 ක් පමණ සයිබර් ප්‍රහාර වලට ලක්වී ඇති බවත් සඳහන් ය.
 
කෙසේනමුත්, එම ප්‍රහාර වලින් කිසිදු ඔස්ට්‍රේලියානු තොරතුරක් පිටතට ගොස් නැති බවද ඔස්ට්‍රේලියානු රජය සදහන් කර ඇත.
 
මේ අතර අදාළ ප්‍රහාර වලට හසුවූ ඔස්ට්‍රේලියානු සමාගම් වෙත ඔස්ට්‍රේලියානු රජයේ සයිබර් ආරක්ෂණ කාර්යාලය ඇමතුම් ලබා මතුව ඇති අවදානම් තත්ත්වය පිළිබඳ දැනුවත් කළ බවද වාර්තා වේ.
 
එම සයිබර් ප්‍රහාර සියල්ලටම හසුව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සමගම් බවත් ඔස්ට්‍රේලියානු රජයට අයත් කිසිදු දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් හට ඒවායින් බලපෑමක් සිදු නොවී ඇති බවත් භාණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();