Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මගේ ජීවිතයට හයියක් වුනේ ඇය මුහුණු පොතෙන් හමු වුණේ ඒ හැමදේම අමතක කළා අපිට ආයෙත් දරුවෙක් ලැබෙයි

ලැබීම්, නොලැබීම් කියන්නේ ජීවිතේ අපි කාටත් පොදු දේවල්.
මේ හැමදේකදිම නොවැටී ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්නම් ජීවිතේ දිනන්න ඒ තරම් අමාරු නැහැ.
මධුරංග ජයරත්න.
මේ ඇහුවම හුඟක් අයට මතකයට ඒවී ඔහු කවුද කියලා. ඒ මියුරු හඬින් ගීත ගායනා කරන ගායකයෙක් නිසා.
උපතින්ම පාද දෙකත්, එක් අතකුත් ඉතිරි අතේ ඇඟිලි තුනකුත් අහිමිවයි මධුරංග මෙලොව එළිය දකින්නේ.
ඒ නොලැබීම ජීවිතේට බාධාවක් කරනොගත්තු මධුරංග තම සංගීතමය හැකියාවෙන් තරුණ සේවා සභාව මගින් දියත් කළ ගීත ගායනා වැඩසටහනකදි දෙවැනි තැනද හිමිකරගන්නවා.
ඉතිං මේ සොදුරු මිනිසාට හිත දෙන්න සහකාරියක්ද හමුවෙන්නේ මධුරංගගේ නොලැබීම් කිසිවක් බාධාවක් කරනොගනිමින්.
ඒ වගේම මේ ජීවිත කතාව ඇතුලේ පසුගිය දවසක තවත් දුක්බර කතාවක් සිදුවුණා.
ඒ තමයි මොවුන්ගේ කැදැල්ලට ආපු පුංචි පුතු දින කිහිපයකින් අවසන් ගමන් යනවා.
ඒ දෛවයේ සරදමට අභියෝග කරමින් මධුරංග සිය ජීවිත ගමන ගෙනියන හැටි ගැන කතාකරන්න වෙබ් ගොසිප් අපි මධුරංග සමඟ සුහද පිළිසදරක යෙදුනා.

මධුරංග ඉතිං කොහොමද..?
හොඳයි.. සංගීත වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ජීවත් වෙනවා.

පසුගිය දවසක ඔබේ ජීවිතේ ලොකු දුක්බර සිදුවීමක් වුණා..
ඔව්… ඒ හැමදේම දැන් අමතක කළා.. අලුතින් දරුවෙක් අපිට ලැබේවි.. එතකොට අපේ ජීවිතේ ඒ පුංචි පැටියා වේවි.
ලැබීම් වගේම නොලැබීම් අහිමිවීම් ජීවිතේ පොදු දේවල්. දුකක් වුණත් ඒ හැමදේටම අපි මුහුණ දෙන්න ඕනේ.

ආදරණීය බිරිඳ ගැන මතක් කළොත්.. ?
මගේ ළඟින් ඉඳන් හැමදේටම හයියක් වුණා ඇය..
ඒ වගේම මට ඇය ආදරය කරන්න පටන් ගත්ත එකම කොයිතරම් දෙයක්ද..?
අපේ ආදරේ ඇතිවුණෙත් මුහුණුපොත හරහාමයි..

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
මම ඉදිරියේදී ලංකාව පුරාම ඒකපුද්ගල ප්‍රසංග පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
තවත් අලුත් සිංදුවකුත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම පවුල් ජීවිතේ සතුටින් හොඳින් ගෙවන්න තමයි බලාපොරොත්තුව.

ප්‍රශ්නවලදි පැනලා යන ජීවිත නැතිකරගන්න මිනිස්සු ඉන්න සමාජයක මධුරංග වගේ හිත හයිය මිනිස්සු මේ ලෝකය ලස්සන කරාවි කියලයි අපිටනම් හිතෙන්නේ..

10168192_667773323363599_7128066318615511502_n

18951452_916942165113379_1242951835260768631_n

19399459_925943714213224_4910854651482261866_n



from Gossip Lanka News & Video https://ift.tt/2ICK41s
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();