Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හුස්ම ගන්න බැරි අම්මා ජීවත් කරන්න වෙර දරන දරු­ෙවා්

ආදරණීය අම්මා ජීවත් කරවන්න වෙර දරන දරුවන් දෙදෙනෙකු වගේම තම බිරිඳ ජීවත් කරවන්න වෙහෙස වන සැමියකු වන ඇහැලියගොඩ තලාවිටිය පී.ඒ රවීන්ද්‍ර ගුණතිලක මහතාගේ නිවසට අපි ගියෙමු.

ඔහුගේ බිරිඳ එම්.ජී විජිතා රූපසිංහ වයස අවු 40 යි.දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙවර සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටී. දෙවෙනි දියණිය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. රවීන්ද්‍ර ගුණතිලක මහතා පෞද්ගලික ආයතනයක කම්කරුවෙකු ලෙස සේවය කරයි.

එම්.ජී විජිතා රූපසිංහ දැනට වසර 9 ක සිට වැලිසර ළය රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්තේ ශරීරයේ අසාමාන්‍ය ස්වභාවයක් පවතින බැවිණි. අඛන්ඩව එයින් ප්‍රතිකාර ලබාගත්තද වෛද්‍යවරුන් කියා සිටියේ පෙනහළු හැකිලීම හේතුවෙන් ස්වසන පද්ධතියට අවශ්‍ය වූ විට ඔක්සිජන් ලබාගැනීමට නොහැකි වෙමින් තිබෙන බවයි.

2017 වසරේ රත්නපුර ළය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට අැය යොමු කර ඇත. දැනට වසර 2 ක සිට අඛණ්ඩව ඔක්සිජන් භාවිතා කිරීමට විජිතා රූපසිංහට සිදුව ඇත. පැය 24 පුරාම ඔක්සිජන් භාවිතයෙන් ජීවත්වන විජිතා රූපසිංහ ජීවත් කරවන්නට තම ස්වාමියාත් දරුවනුත් වසර 9 ක් තිස්සේ නොගන්නා වෙහෙසක් නැත.48 kg ඔක්සිජන් සිලින්ඩර් 2ක් සැමවිටම ළඟ තබාගත යුතුය.එක් සිලින්ඩරයක් දින 4 ක් පමණ කාලයකට ප්‍රමාණවත්ය. දින 4කට රුපියල් 2800ක් පමණ ඒ සඳහා වැයවේ. දෛනිකව උපයන මුදල රෝගියා වෙනුවෙන් ප්‍රමාණවත් නොවුනත්, උපකාර වලිනුත් රෝගියා ජීවත් කරවන්නට වෙරදැරීම අත්නොහරිනු ඇති බව රවීන්ද්‍ර මහතා පසක් කරයි.

සිලෝන් ඔක්සිජන් සිලින්ඩර් වලට වැයවෙන මුදල ඉතිරි කරගැනීමට නම් විදුලියෙන් ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රයක් (comsenrate machine) ලබා ගත යුතු බව වෛද්‍යවරුන් පවසති.ඒ සඳහා සහාය ලබාදෙන්නේ නම් දරුවන්ටත් තමටත් ලොකු ශක්තියක් වන බව රවීන්ද්‍ර රවීන්ද්‍ර මහතා පැවසීය.පෙනහළු බද්ධ කිරීමක් කළහොත් සුවපත් කිරීමට හැකි බවත් දැනට ලංකාවේ එවැනි ශල්‍යකර්ම මෙතෙක් සිදු නොවී ඇති අතර,විදේශ රටවල එවැනි ශල්‍යකර්ම සිදුවන බවත් වෛද්‍යවරුන් පෙන්වාදෙන බව රවීන්ද්‍ර මහතා අප සමඟ පැවසීය.

ඇහැලියගොඩ රන්ජන් මඩගම්මන පරකඩුව විශේෂ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();