හිටපු දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේට එරට අධිකරණය වසර 25ක සිර දඩුවම් පනවා තිබේ.
අල්ලස් ගැනීම, බලය අවභාවිතය සහ රාජ්‍ය රහස් හෙළි කිරීම යෙදීම ඇතුළු චෝදනා ගණනාවක් ඇයට එරෙහිව ඉදිරිපත්ව තිබුණි.
පසුගිය වසරේදී දකුණු කොරියාවේ උපරිමාධිකරණය විසින් ජනාධිපතිනී පාර්ක් ගුන් හේ තනතුරින් පහකරනු ලැබීය.
විනිසුරුවරුන් අටදෙනෙකු විසින් ගන්නා ලද ඒකමතික තීරණයකින්, ජනාධිපතිනිය දෝෂාභියෝගයකට ලක්කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් අනුමතකළ ව්‍යවස්ථාමය අධිකරණය, බලයේ සිටි කාලය තුළ ඇය නීතිය සහ ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝණය කර ඇති බව එහිදී පෙන්වා දුන්නේය.
සිර දඬුවමට අමතරව ඩොලර් මිලියන 17ක දඩ මුදලක්ද පැනවීමටද එරට අධිකරණය නියම කොට තිබේ.


The post කෝටි ගණනක දඩ මුදලක් සමගින් හිටපු දකුණු කොරියා ජනපතිනියට වසර 25ක සිර දඬුවම්..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments