Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජකීය-සා.පීතර-සා.ජෝශප්-ඉසිපතන අපරාජිතයන්ගේ සටන ඉදිරියට

Author(s): 
ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සති අන්තයේ තරග නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ සිය අපරාජිතභාවය රැකගනිමින් පළමු කණ්ඩායම් 4ට එක්වීමට රාජකීය, ඉසිපතන, සාන්ත පීතර සහ සාන්ත ජෝශප් විදුහල් සමත්වී සිටී. ‍

තුන්වැනි සතියේ තරග වටය ආරම්භ කරමින් රාජකීය විදුහල් පිල ලබන 24 වැනිදා සාන්ත තෝමස් විදුහල් පිල සමග රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී තරග බිමට පිවිසෙන්නේ සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතුවය.

මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරමින් සිටින පසුගිය වසරේ ලීග් ශූරතාව දිනු රාජකීය විදුහල් පිල තරග බිමට පිවිසී සිටින රාජකීය විදුහල් පිල සිය පළමු තරගයෙන් තරගයෙන් කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 29-3ක ජයක් ද, දෙවැනි තර‍ගයෙන් සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 55-13ක ජයක් ද වාර්තා කරමින් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත්විය. ‍

පාසල් රග්බි පිටියේ විශීෂ්ටතම කණ්ඩායම ලෙස දශක ගණනාවක් පුරා ආධිපත්‍ය පතුරුවාලමින් සිටින ඉසිපතන විදුහල් පිල තුන්වැනි සතියේදී සහිරා විදුහල් පිල සමග තරග වැදීමට නියමිතය. එම තරගය 24 වැනිදා සහිරා විදුහල් පිටියේදී පැවැත්වෙයි.

සිය පළමු තරගයෙන් ඩී.එස්.සේනානායක විදුහල් පිල ලකුණු 25-24කින් පරාජය කළ සුලක්ෂණ රුබේරුගේ නායකත්වයෙන් යුතු ඉසිපතනය දෙවැනි තරගයෙන් ධර්මරාජ විදුහල් පිලට එරෙහිව ලකුණු 42-14ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

මේ අතර ‍සිය අපරාජිතබව රැක ගනිමින් පාසල් රග්බි පිටියේ පෙරළිකාර දස්කම් දක්වමින් සිටින මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල හෙට (23) සාන්ත අන්තෝනි විදුහල් පිල සමග හැව්ලොක්ස් පිටියේදී තුන්වැනි සතියේ තරගයට එක්වෙයි.

සිය පළමු තරගයෙන් සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 33-10කින් පරාජය කළ සමීෂ විරංගනගේ නායකත්වයෙන් යුතු සාන්ත ජෝශප් විදුහල් පිල දෙවැනි තරගයෙන් ත්‍රිත්ව විදුහල් පිල ලකුණු 32-25කින් පරාජය කිරීමට සමත්විය.

ජවේඩ් සරූක්ගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට එක්වී සිටින බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිල හෙට (23) පස්වරුවේ ධර්මරාජ විදුහල් පිල සමග පොලිස් පිටියේදී තරග වැදීමට නියමිතය. අපරාජිතව පළමු කණ්ඩායම් හතරට එක්වී සිටින සාන්ත පීතර විදුහල් පිල මෙවර තරගාවලියේ සිය පළමු තරගයේදී සහිරා විදුහල් පිලට එරෙහිව ලකුණු 48-12ක ජයක් වාර්තා කළ අතර දෙවැනි තරගයෙන් වෙස්ලි විදුහල් පිලට එරෙහිව ලකුණු 33-17ක ජයක් අත්කර ගත්තේය.

කිංග්ස්වුඩ් විදුහල් පිල සහ ත්‍රිත්ව විදුහල් පිල අතර තරගය නිත්තවෙලදීත්, වෙස්ලි විදුහල් පිල සහ ඩී.එස්.සේනානායක විදුහල් පිල අතර තරගය සී.ආර්.පිටියේදීත් ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();