Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර් පළාත් ‘සුපිරි හතර’ සිවුදින ක්‍රිකට් තරගාවලිය 30 දා සිට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ‘සුපිරි හතර’ සිවුදින ක්‍රිකට් තරගාවලිය මේ මස 30 වැනිදා ආරම්භ වෙයි.

එහිදී කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල ලෙස කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිතය. එක් කණ්ඩායමක් තරග 3කට සහභාගීවන අතර එම තරග 30 දා, අප්‍රේල් 8 දා හා අප්‍රේල් 21 වැනිදා ආරම්භ කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

පළමු සතියේ තරග කටුනායක හා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි හා තෙවැනි සතිවල තරග දඹුල්ලේදී හා සූරියවැව දී පැවැත්වෙයි.

ලබන 8 වැනිදා ආරම්භ වන තරග රෝස පැහැ පන්දුව යොදා ගනිමින් දිවා/රාත්‍රී ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

කොළඹ පිල වත්මන් ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් මෙහෙයවන අතර උප නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරයි. වත්මන් ටෙස්ට් පිලේ උප නායක සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් ගාල්ල කණ්ඩායම තරගාවලියට එක්වන අතර දසුන් ශානක උප නායකයායි. වත්මන් එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස කණ්ඩායමට එක් වෙයි. දිමුත් කරුණාරත්න දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙසත්, කුසල් ජනිත් පෙරේරා උප නායකයා ලෙසත් කටයුතු කරති.

කොළඹ සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කෞෂාල් සිල්වා, ෂෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, ප්‍රිමෝෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ලසිත් අබේරත්න, එල්.යූ. ගමගේ, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කේ.අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, පුහුණුකරු - අවිශ්ක ගුණවර්ධන, කළමනාකරු - චරිත් සේනානායක

ගාල්ල සංචිතය - සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක (උප නායක), ළහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, සම්මු අශාන්, ඕෂද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, චතුරංග ද සිල්වා, ජනිත් ලියනගේ, ලක්ෂිත මදුෂාන්, සදීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඩ් ඩිල්ෂාඩ්, උපුල් තරංග, මලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිෂාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, අශාන් බණ්ඩාර, පුහුණුකරු - හෂාන් තිලකරත්න, කළමනාකරු - වරුණ වරාගොඩ

මහනුවර සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), පැතුම් නිශ්ශංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ළහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ, පුහුණුකරු - පියල් විජේතුංග, කළමනාකරු - මලින්ද වර්ණපුර

දඹුල්ල සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, තරිඳු කෞෂාල්, සචිත්‍ර සේරසිංහ, ළහිරු ගමගේ, සංගීත් කුරේ, අශාන් ප්‍රියංජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසුරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුසංක, හිමේෂ් රාමනායක, රශ්මික ඩිල්ෂාන්, නිශාන් මතුෂික, පුහුණුකරු - සුමිත්‍ර වර්ණකුලසූරිය, කළමණාකරු - විනෝදන් ජෝන්

තරග සටහන

මාර්තු 30 - අප්‍රේල් 2
දඹුල්ල - මහනුවර (කටුනායක)
කොළඹ - ගාල්ල (සූරියවැව)

අප්‍රේල් 8 - 11 (දිවා/රාත්‍රී)
ගාල්ල - දඹුල්ල (දඹුල්ල)
මහනුවර - කොළඹ (සූරියවැව)

අප්‍රේල් 21- 24
දඹුල්ල - කොළඹ (දඹුල්ල)
ගාල්ල - මහනුවර (සූරියවැව)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();