වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන වෙළෙඳ සේවා ක්‍රිකට් තරග මාලවේ පස්වැනි තරගාවලිය වෙළෙඳ සේවා ‘ඊ’ කාණ්ඩයේ ඕවර 25 කින් සමන්විත ලීග් ක්‍රිකට් තරගාවලියට 16 වැනි වරටත් “ඩී.පී.ජී.සී.” කුසලානය වෙනුවෙන් ඩේවිඩ් පිරීස් සමුහ ව්‍යාපාරය අනුග්‍රහකත්වය පිරිනමයි.
කාණ්ඩ හතරක් යටතේ තරග 84ක් පැවැත්වීමට නියමිත ලීග් කාණ්ඩයේ තරගාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර එය මැයි මස 26 වැනිදා දක්වා පැවැත්වෙයි. අවසන් තරග 8 පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙයි. අර්ධ අවසන් තරග මැයි 12වැනි දා හා අවසන් පූර්ව තරග මැයි මස 19 වැනිදාත් පැවැත්වීමට කටයුුතු යොද ඇති අතර අවසන් තරගය මැයි මස 26 වැනිදා වෙළෙඳ සේව සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සමස්ත තරගාවලිය වෙස්ලි විද්‍යාල, ඩී.මැසඩන්, තර්ස්ටන්, මරදාන සාන්ත ජෝශප්, වේයන්ගෝඩ මධ්‍ය මහා විද්‍යාලය, රත්මලානේ එන්.එස්.සී.ඒ., සාන්ත සෙබස්තියන්, මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය හා වෙළෙඳ සේවා සංගම් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට ගෙන තරග පැවැත්වීමට නියමිතය.
මෙවර පළමු වරට මෙල්වා රෝලින් කණ්ඩායම තරගාවලිය එක්ව සිටී. ජයග්‍රාහකයන් උදෙසා 16 වැනි වරටත් ඩේවිඩ් පිරීස් සමුහ ව්‍යාපාරය ප්‍රදානය කරන “ඩී.පී.ජී.සී.” කුසලානය හිමිවන අතර දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයාටද කුසලාන පිරිනැමීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් හා අනුග්‍රාහකත්ව පිරිනැමීම පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ ‘ෆයින් ඩයනින්’ අවන්හලේදී පැවැති අතර එම මාධ්‍ය හමුවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහාන් ඉද්දමල්ගොඩ, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ උප සභාපති හා තරගාවලියේ අනුග්‍රාහක කමිටුවේ සභාපති රෝහන දිසානායක එම සංගමයේ ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ තරග කමිටුවේ සභාපති සුජීව ද සිල්වා යන මහත්වරුන් එක්ව සිටි අතර අනුග්‍රාහකයන් වෙනුවෙන් ඩේවිඩ් පිරීස් සමුහ ව්‍යාපාරය වෙනුවෙන් ඩේවිඩ් පීරීස් මෝටර් රථ පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂිකා රෝමානි පරාක්‍රම, මෙහෙයුම් සාමාන්‍යාධිකාරී අජන්ත ප්‍රේමසිරි හා ඩේවිඩ් පිරීස් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ ඇසට්ලයින් මූල්‍ය සමාගමේ වෙළෙඳ කළමනාකරු ලක්මාල් ද සිල්වා යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.

0 Comments