සිතාරා සේනානි, සමන්මලී ප්‍රියශාන්ති,
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානියට පත්වූ ව්‍යාපාරික ස්ථාන යළි ගොඩනැඟීම සඳහා 2% ක සහනදායී පොළී අනුපාතයක් යටතේ 'අත්වැල ණය යෝජනා ක්‍රමය' මඟින් ණය ලබා දීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව, මෙම ණය මුදල් ලබා දීම දීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මහනුවර සිද්ධියෙන් හානිවූ දේපළ වෙනුවෙන් පළමු අදියරේදී රුපියල් ලක්ෂය බැගින් දීමනාවක් ගෙවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව මෙහිදී අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

0 Comments