Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා 24ක්

ස්වර්ණා‍ විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය

පසුගිය පාලන සමයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා 24ක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව මෙම මූල්‍ය අක්‍රමිකතා‍ 2012-2014 වසරවල සිදුව ඇති අතර විමර්ශන අවසන් කර දඬුවම් පමුණුවා ඇත්තේ රුපියල් 1693600ක් කූඨ ලේඛන සකසා වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් පමණක් බවත් කෝප් කමිටුව පෙන්වා දෙයි.

රුපියල් 800000 චෙක්පත් වංචා කිරීම, 2014 වසරේ පැවැති පාගමන වෙනුවෙන් ආහාර, ටී ෂර්ට්, තොප්පි මිල දී ගැනීමෙන් සිදුකළ අක්‍රමිකතාව, රටවිරු පවුල් සඳහා පින්කම්, කිරිඅම්මාවරුන් වෙනුවෙන් පූජා පැවැත්වූයේ යැයි බිල්පත් නිකුත් කිරීම, රුපියල් 18348183ක රක්ෂණ මුදල් ප්‍රතිපූර්ණය නොකිරීම ඇතුළු තවත් අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී ඇති බවත් පෙන්වා දෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍ව මෙම විමර්ශන පිළිබඳ සිය ‍නිර්දේශ ඉදිරිපත් කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුව ඇති මෙම අක්‍රමිකතා හිටපු සභාපති අමල් සේනාධිලංකාර මහතාගේ පාලන සමයේදී සිදුකර ඇති අතර එම නිලධා‍රින් දැනට සේවයේ නොමැති බැවින් ඉදිරි විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති බවත් වාර්තා‍වේ සඳහන් වේ.

එ‍මෙන්ම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ලිපියක් පරිදි සුදුසුකම් නැති නිලධාරින් දෙදෙනකු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තනතුර සඳහා බඳවා ගැනීම, මෙන්ම ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය (2) මට්මමේ සිටින නිලධාරින් 8 දෙනකු හට එම මට්ටමට අදාළ නොවන සහනදායි වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ අවධානය යොමුකර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනතේ පවතින අඩුපාඩු පිළිබද කාරක සභාවේ අවධානය යොමුකර දැනට පවත්නා පනත විශ්වවිද්‍යාල මට්ටමට ගැලපෙන අයුරින් වෙනස් විය බවටත් කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

2016 වසරේ දී මෙරටට ගෙන්වන ලද පිළිකා නාශක ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ ප්‍රමාණාත්මක පරික්ෂාවට ලක් නෙකිරීම, එය අානයනය කරන සමාගමක් විසින් වෛද්‍යවරුන්ට විදෙස් සංචාර ලබාදීම කෙරෙහිත් කෝප් කමිටුව අවධානය යොමුකර ඇත.

මෙවැනි ආකාරයට ආයතන 14ක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන, නිර්දේශ ඇතුළත් කෝප් කමිටු වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();