Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගය පරදවන්න එජා පෙරමුණ පෙළ ගැසෙයි

ශිරෝමි අබයසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජයටපත් කර ශක්තිමත් ආණ්ඩුවක් ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ජනතාව අතරට යාමට එක්සත් ජාතික පෙරමුණු රජයේ හවුල්කාර පක්ෂ ඒකමතිකව තීරණය කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පරාජය කිරීමට තම පක්ෂ එක්ව පියවර ගන්නා බව කොළඹ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ රැස් වූ ජාතික රජයේ හවුල්කාර පක්ෂ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, මහත්වරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.


පළමුවරම විවාද කර ඡන්දය විමසන්න - ඇමැති කිරිඇල්ල කථානායකට කියයි

ශිරෝමි අබයසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හැකි පළමු අවස්ථාවේම විවාදයට ගෙන ඡන්දය විමසන ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සභානායක කිරිඇල්ල මහතා මෙම ඉල්ලීම කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ උපදේස් අනුව එය ලබන සතියේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය කටයුතු සුදානම් කරන බවත් එය පරාජයට පත් කර ඒකාබද්ධ විපක්ෂය දේශපාලන අනාතයන් බවට පත් කරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.


විවාදයට පෙර අස්සන අස් කරගන්නවා මන්ත්‍රීවරයෙක් එජාපයට කියයි

අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර සිය අත්සන ඉල්ලා අස් කර ගන්නා බව යෝජනාවට අත්සන් තැබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ.

එයට පෙර තමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බව එම මන්ත්‍රීවරයා පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ගෙන් ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් එම අමාත්‍යවරුන් දෙපළ අගමැතිවරයා දැනුවත් කර ඇති අතර මෙම සති අන්තයේ දී අගමැති වික්‍රමසිංහ මහතා හමු වීමට අවස්ථාව ලබා දිය හැකි බව මන්ත්‍රීවරයාට දැනුම් දි තිබේ.


ශ්‍රී ලනිපය තීරණයක් ගෙන නැහැ - ඇමැති අමරවීර

බුද්ධිකා ඉඹුලාන

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙසද තමන් ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් තනි තීරණයක් නොගන්නා බව යැයිද මහලේකම්වරයා අවධාරණය කරයි. මේ සඳහා අවශ්‍ය තීරණය ගනු ලබන්නේ පෞද්ගලිකව නොවෙයි. මධ්‍යම කාරක සභාවයි. මම හිතනවා මධ්‍යම කාරක සභාව රටට ජනතාවට හිතකර තීන්දුවක් ගනිවි කියා යැයිද මහලේකම්වරයා කීවේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();