Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විවාදය අප්‍රේල් 4 දා

ස්වර්ණා විජේ‍කෝන්, රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන අප්‍රේල් මස 4වැනි දා දිනය පුරා විවාද කර ඡන්දය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැති පක්ෂනායක රැස්වීමේ දී තීරණය කර ඇත.

අදාළ විවාදය හතරවැනි දා පෙරවරු 9.30ට ආරම්භ කිරීමට නියමිත අතර රාත්‍රී 9.30 දක්වා විවාදය පවත්වා රාත්‍රී 9.30ට ඡන්දය විමසීමටත් පක්ෂනායක රැස්විමේදි තීරණයකර තිබේ. විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනිදා විවාදයට ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායක හමුවේ දී ප්‍රකාශකර ඇති අතර ඊට සියලූ පක්ෂ නායකයන් එකඟ වී තිබේ.

ස්ථාවර නියෝග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇති අතර ස්ථාවර නියෝගවල කුමක් සඳහන් වුවද පක්ෂ නායකයන්ගේ හා ආණ්ඩු පක්ෂයේ තීරණයට අනුව ලබන 4වැනි දා‍ විශ්වාසභංග යෝජනාව කැඳවීම සුදුසු බව අනුර කුමාර දිසානායක මහතා මෙහිදි සඳහන් කර ඇත. විශ්වාසභංග යෝජනාව පිළිබඳ පැය 12ක කාලයක් විවාද කර අවසන් වීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පෙරේදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම කතානායකවරයා වෙත භාර දී ඇත.

එම විශ්වාසභංග යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අත්සන් කර නොතිබිණි. විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගෙන ඉන් අනතුරුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානයක මහතා සඳහන්කර තිබේ. මේ අතර සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) පැවැත්වීමට ද පක්ෂනායකයන් තීරණයකර තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();