Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් බලපාන බවක් සොයාගෙන නෑ

සමන්මලී ප්‍රියශාන්ති

ග්ලයිෆොසේට් හෝ වෙනත් කෘෂි රසායනිකයක් වකුගඩු රෝගයට බලපානු ලබන බවට මෙතෙක් සිදු කර ඇති පර්යේෂණවලින් තහවුරු වී නැතැයි ආචාර්ය නිශාන්ත නානායක්කර මහතා පවසයි.

කෘෂි රසායනික වකුගඩුවලට බලපානු ලබන්නේ නම් ඒවා භාවිතයෙන් ඉවත් කළ යුතු නමුත් එහි විද්‍යානුකූලභාවය සම්බන්ධයෙන් තහවුරු කළ යුතුව ඇති බවත් ඒ මහතා කීවේය.

2009 ට පෙර ශ්‍රී ලංකාවේ ග්ලයිෆොසේට් භාවිත නොකළ බව කී ඒ මහතා, එම කාලවකවානුවලට පෙර වකුගඩු රෝගීන් මෙරටින් සොයා ගැනීමට හැකි වු බවත් කීවේය.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික පර්යේෂණ සභාවේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. රෝග නිධානය සොයා නොගත් වකුගඩු රෝගය පිළිබඳ සහ පානීය ජල සුරක්ෂිතතාව පිළිබඳ පර්යේෂණයන් හී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබිණි.

එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ ග්ලයිෆොසේට් ඇතත් නැතත් වකුගඩු රෝගය තිබිය හැකි බැවින් සිදු කළ යුතු වන්නේ එම රෝගීන් මිය යාමට හේතු මොනවාදැයි සොයා බැලිය යුතු බවයි. වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ මාරාන්තික රෝගයක් වුවත් පිටරටවල එවැනි තත්ත්වයක් නොමැති බව කී ඒ මහතා, මෙම රෝගයේ මුලික ලක්ෂණ, වර්ධනයවීම හා මියයාමට හේතු සම්බන්ධයෙන් සොයා බැලීය යුතු බවත් කීවේය.

වකුගඩු රෝගය නිසා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සැකයක් මත සිදු නොකර පර්යේෂණ මඟින් ඔප්පු කර තීරණයක් ගත යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් වී තිබෙනවා. විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කළේ වෛද්‍ය චන්න ජයසුමන මහතායි. පදවිය රෝහලේ රෝගීන් යොදා ගනිමින් සිදු කළ එම පර්යේෂණයේ දී රෝගීන්ගේ මුත්‍රාවල හා රෝගීන් නොවන අයගේ මුත්‍රාවල ග්ලයිෆොසේට් මට්ටම එක සමාන බව දැක් වෙනවා. මේ නිසා කෘෂි රසායනික නිසා මේ රෝගය ඇති බවට හා කෘෂි රසායනික ද්‍රව්‍ය බලපාන්නේ නැති බවට මත දෙකක් තිබෙනවා. නමුත් මෙතෙක් සිදු කළ පර්යේෂණවලින් කෘෂි රසායනික ද්‍රව්‍ය බලපානවා කියලා සොයා ගෙන නැතැයි ද කීවේය.

මේ අවස්ථාවට මහාචාර්ය රොහාන් චන්ද්‍රජිත්, මහාචාර්ය රොහාන් වීරසුරිය, මහාචාර්ය නලීන් ද සිල්වා, ආචාර්ය එස්.කේ.වේරගොඩ, ආචාර්ය රෝහිනි ද සිල්වා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();