Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත්ගම-බේරුවල ගැටුම්වලින් පීඩාවට පත් අයට වන්දි

 සන්ධ්‍යා කරුණාරත්න

අලුත්ගම හා බේරුවල බල ප්‍රදේශයන්හි 2014 වසරේ පසුගිය ආණ්ඩුව කාලයේ දි සිදු වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් වූ ජීවිත හානි, ශාරීරික හානි සහ දේපල සඳහා වන්දි ලබා දීම වත්මන් රජය යටතේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය මඟින් ඊයේ (22) සිදුකෙරිණි.

 අදාළ සිද්ධියෙන් විපතට පත් ජීවිත හානි 3ක්, ශාරීරික හානි 12ක් සහ දේපළ හානි 85ක් සඳහා වන්දි මුදල් රුපියල් ලක්ෂ 153ක මුදලක් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රදානය කිරීම් සිදුකෙරිණි.

ජිවිත හානි සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දුන් අතර ජීවිත හානි සඳහා රුපියල් ලක්ෂ 57ක මුදලක් වන්දි මුදල් ලෙස ලබාදීම සිදු කෙරිණි.

ශාරීරික හානි සඳහා එක් අයකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව 12 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 58ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කෙරිණි.

මීට පෙර අදාළ වෛද්‍ය වාර්තා අනුව රුපියල් 227,500 ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කර ඇත.

අදාළ සිදුවීමෙන් රුපියල් ලක්ෂයට අඩු තක්සේරු සිදු කර ඇති දේපළ හානි 85ක් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි. ඒ සඳහා රුපියල් ලක්ෂ 36 ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් පී.සුරේෂ්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.ගොඩකන්ද, පුනරුත්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහත්වරු සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();