මිහිකත හෝරාව -2018 සැමරීම හෙට ( 24 ) ට යෙදී තිබේ. හෙට රාත්‍රි 8.30 සිට 9.30 දක්වා වන පැයක කාලයේ අත්‍යාවශ්‍ය නොවන විදුලි පහන් සහ විදුලි උපකරණ නිවා දමා මෙම මිහිකත හෝරාව සැමරීමට දායක වන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටි. මිනිසාගේ සෘජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකම් නිසා පරිසරයට නිකුත්වන හරිතාගාර වායු විමෝචනය වැඩිවෙමින් පැවතීම නිසා අද වන විට මුළු ලෝකයම දේශගුනික විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටින බවත්, මෙම හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට ලෝක නායකයන්ගේ අවධානය යොමු කිරීම සඳහා 2007 මාර්තු 31 වැනි දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් මිලියන 2.2 ක පමණ පිරිසක් විදුලි පහන් නිවා දමා පැයක පමණ කාලයක් අඳුරේ ගතකර ඇත. එය මිහිකත හෝරාව ලෙස නම්කර ඇති අතර මිහිකත හෝරාව ගෝලීයව සැමරීම සංවිධාන කිරීම (world wide fund for nature( wwf) ආයතනය මගින් සිදුකරයි.
ජෛව විවිධත්ව සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවද මේ සමඟ අත්වැල් බැඳගැනීමේ වගකීමට බැඳී සිටින අතර සම්මුතියේ කේන්ද්‍රිය මධ්‍යස්ථානය වශයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට මිහිකත හෝරාව සැමරීම සඳහා ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වගකිම පැවරී ඇත.

0 Comments