Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති රනිල්ගේ පුද්ගලික සහකාර, සන්නිවේදන ප‍්‍රධානි ඉල්ලා අස්වෙයි..!

අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික සහකාර ලෙස සහ එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන බලකා ප‍්‍රධානී ලෙස කටයුතු සුදත් චන්ද්‍රසේකර එම සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.

ඒ මහතා අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය අගමැති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී දී ඇතත් අගමැතිවරයා එය පිලිගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

තම ඉල්ලා අස්වීමට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ ගතවූ තුන් වසරක කාලයේදී පක්‍ෂයේ සන්නිවේදන අංශය ශක්තිමත් කිරීමට දැඩි ලෙස බාදා තිබූ බවත් එජාපය ආරක්ෂා කරගෙන බලයට ගෙන ඒමට කැප වී කටයුතු කල අයට උපකාරයක් කළ නොහැකි වූ බවත්ය.

කෙසේවුවද, අදාළ ලිපියේ සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ ලෙස විස්තර කර ඇතැයි ද පැවසේ.

එහි තමාට ගෙවීගිය වසර තුනක කාලය තුළ සංනිවේදනය අංශය ශක්තිමත් කිරීමට විශාල වශයෙන් බාධා තිබූ බවත්, අවම වශයෙන් එම කාලයේදී එජාපය බලයට ගෙනඒමට මෙන්ම වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ආරක්ෂා කරදීමට සහය දුන්  කණ්ඩායම් සාමාජිකයන්ට හෝ උපකාරයක් කළ නොහැකි වූ බව ඒ මහතා දක්වා ඇතැයි වාර්තා වේ.

The post අගමැති රනිල්ගේ පුද්ගලික සහකාර, සන්නිවේදන ප‍්‍රධානි ඉල්ලා අස්වෙයි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();