පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (22) රාති‍්‍ර 8.00 ට පමණ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපොළ වෙත ළගාවිය.
පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා විසින් එහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ආචාර වෙඩිමුර 21 සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් සහ ගෞරවණීය අන්දමින් එම පිළිගැනීම සිදුවිය.
පාකිස්ථාන ජන රජ දින සැමරුම් උළෙල හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා ඉහළම ගෞරවයෙන් යුතුව පිළිගැනීමට පාකිස්ථාන රජය සියලූ කටයුතු සූදානම් කර තිබේ.
පැය 03 කට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම උළෙල පාකිස්ථානයේ මෙන්ම විවිධ රටවල හමුදාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශන ඇතුලු සංස්කෘතිකාංගවලින් වර්ණවත් කෙරේ.
මේ අතර ප‍්‍රතිසංස්කරණය කෙරුණු ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම ද හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි. නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, ජපානය, තායිලන්තය, ඉන්දුනිසියාව, චීනය සහ මැලේසියාව යන බෞද්ධාගම සහිත රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව ද හෙට පස්වරුවේ පැවැත්වෙන අතර නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡුාවලින් අනතුරුව දෙරට අතර අධ්‍යාපන, තරුණ කටයුතු සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබෙනු ඇත.






The post පාකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර ගුවන්තොටුපළේදී මෛත්‍රී ජනපතිව මහත් හරසරින් පිළිගැනේ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments