Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් – ගුවන්යානයට නගින්නත් එපා කියලා..!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වන විට ඔහුට ඇමරිකාවට ඇතුල්වීමට තහනම් බව එක්සත් ජනපද නිලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවට ගොස් සිටියේ එරට පැවති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙසින් වන අතර එම කටයුතු අවසන් කර ඇමරිකාවේ හුස්ටන් බලා පිටත්ව යන යානයකින් ගමන් පහසුකම් සලසා ගන්නට යන අතරවාරයේ එක්සත් ජනපද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දැනුම්දීම සිදුකොට ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යාලය උපුටා දක්වමින් මේ සම්බන්ධව වාර්තා කරන indianexpress. com වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ එක්සත් ජනපද නිලධාරීන් කිසිඳු දැනුම්දීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බව සහ නාමල් රාජපක්ෂ සතුව වලංගු වීසා බලපත්‍රද තිබූ බවය.

මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය twitter ගිනුමේ ද සටහනක් තබා ඇත.

 

The post නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් – ගුවන්යානයට නගින්නත් එපා කියලා..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();