අනූවැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය " ද ෂේප් ඔෆ් වෝටර්" චිත්‍රපටය හිමි කර ගත් අතර " ඩාර්කස්ට් අවර්" චිත්‍රපටයේ රඟ පෑ ගෙරි ඕල්ඩ්මන්හොඳම නළුවා ලෙස ද “ත්‍රී බිල් බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් මිසුරි” චිත්‍රපටයේ රඟ පෑ ෆ්රාන්සස් මැක්ඩෝමන්ඩ් හොදම නිළිය ලෙස ද සම්මාන ලැබූහ.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම නිර්දේශ නාම සංඛ්‍යාව ලෙසින් සම්මාන 13ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටින්නේ මෙක්සිකෝ ජාතික අධ්යක්ෂ ගිජෙර්මෝ ඩෙල් ටෝරෝ විසින් අධ්‍යක්ෂණය කළ ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) චිත්‍රපටය යි.
90 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ලෙස කොකෝ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූ අතර හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වුනේ මාර්ක් බ්‍රිජ්ස් ය. කසුහිරෝ සූජී හොඳම අංගරචනය හා කේශාලංකරණ ශිල්පී ලෙස සම්මාන ලැබීය.
මෙවර ඔස්කාර් නිර්දේශ නාම ලැයිස්තුවේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් වන නිර්දේශ නාම අතරට කාන්තාවක් ඇතුළත් ව තිබීම කැපී පෙණුනි. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ නාම යෝජනාවක් හිමි වයස්ගතම පුද්ගලයා මෙවර සම්මාන උලෙළෙන් වාර්තා වන අතර
ඇය 89 හැවිරිදි ප්‍රංශ සිනමාකාරිණියක වන ඇග්නස් වර්දා යි.
ඇය විසින් නිර්මාණය කරන ලද ෆේසස් ප්ලේසස් (Faces Places) හොඳම වෘත්තාන්ත වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක්ව තිබුණි. මෙවර සම්මාන උලෙළේදී ඇය වෙත ගෞරව සම්මානයක් ද පිරිනැමීණ. රංගනයෙන් දායක වූ 88 හැවිරිදි ක්‍රිස්ටෝෆර් ප්ලමර් හොඳම සහය නළුවා වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක් වේ.
2018 ඔස්කාර් සම්මාන උළෙල පෙරේදා (04) ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆොනියා හි ලොස් ඇන්ජලිස් නගරයේ ඩොල්බි තියටර් හි දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
0 Comments