ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරිපාලනයේ කඩිනම් වෙනසකට අවධානය යොමුව ඇතැයි ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතා පවසයි. බොහෝ කලක පටන් එකම පිරිසක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු කරන හෙයින් කලින් කලට මතුවන ප්‍රශ්න විධිමත් ලෙස කළමනාකරණය කිරීම උදෙසා අවශ්‍ය වෙනස් කිරීම් තවත් සතියකින් පමණ ආරම්භ කරන බව ඒ මහතා පැවැසීය.
තමන් කිසි විටෙකත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සිරකරුවෙකු නොවන බව පැවැසූ ඇමැතිවරයා අවධාරණය කළේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳ කරුණු හරිහැටි අවබෝධකර නොගෙන විවේචන එල්ල කිරීම අසාධාරණ බවය.
ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවැසූවේ ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මේ ක්‍රීඩා මාධ්‍යකරණ වැඩමුළුව වෘත්තිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධාන කළ අතර එයට විශ්ව විද්‍යාල සිසුන් හා දැනට මාධ්‍ය ආයතනවල වෘත්තීය මට්ටමේ සිටින මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසූවේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින පිරිස පියවරෙන් පියවර උසස්වීම් ලැබූ අයවීම් හේතුවෙන් එකම ස්ථානයකදී වසර ගණනාවක් ඔවුන්ගේ සේවය ලබා ගැනීමට සිදුව ඇති බවය.
“ගමෙන් බිහිවන ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරියා ක්‍රීඩා සංවර්ධන නිලධාරීන් ලෙස අමාත්‍යාංශයට එනවා. ඔවුන් පසුව ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරීන් ලෙස ක්‍රීඩා සංගම් ආශ්‍රිත කටයුතුවල නිරත වෙනවා. වසර 20කට පසුව ඔවුන්ට අවස්ථාව ලැබෙනවා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු වෙන්න. පසුව ඔවුන් ක්‍රීඩා අධ්‍යක්ෂවරු බවට පත් වෙනවා. නමුත් පහළ සිට එන අයට ඉහළ තනතුරු ගන්න බැරිවීමේ හේතුව අනුව මේවන විට ක්‍රීඩා අධ්‍යක්ෂවරු 2කගේ පුරප්පාඩු සපුරාගත නොහැකිවී තිබෙනවා. මේ පුරප්පාඩු පරිපාලන සේවයෙන් ගන්න අපට හැකියාවක් නෑ. පරිපාලන සේවයෙන් එන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණයි. මේ තත්ත්වය නිසා අභියෝගවලට මුහුණ දෙමින් ක්‍රීඩා අමාත්‍යාංශය ගමන් කරන්නේ” ඇමැතිවරයා පැවැසීය.
කෙසේ වුවද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් විවිධ අභියෝග මැද ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කැපවන පිරිසක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතින් ක්‍රීඩා මාධ්‍යකරණය වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානය කළ අයුරු. වෘත්තිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති චම්පික ප්‍රනාන්දු මහතාද සිටී.

0 Comments