Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති කුසලානය සහිරා විදුහලට

හමීඩ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම සංවිධාන කළ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක හමීඩ් අල් හුසේනි විදුහල් පිල පරාජය කළ මරදාන සහිරා විදුහල් පිල කුසලානය දිනාගැනීමට සමත්විය.

තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ පළමු භාගයේ දෙපිලම ගෝල රැස් කිරීමට අසමත් වූ අතර දෙවැනි භාගයේදී ගෝල 1-1ක් ලෙස තරගය සමවීමෙන් දඬුවම් පහර මගින් ජයග්‍රහකයා තෝරා ගැනීමට සිදුවූ අතර එහිදී ගෝල් 3-0කින් තරගය ජයගැනීමට සහිරා විදුහල් පිල සමත්විය. හොඳම ගෝල් රකින්නා ලෙස සහිරා විදුහල් පිලේ එම්.ශාකිර් සම්මාන දිනූ අතර තරගාවලියේ වැඩිම ගෝල් සංඛ්‍යාවක් රැස් කළ හමීඩ් අල් හුසේනි විදුහල් පිලේ එම්.ඒ.ජේ.එම්.රිසාන් තරගාවලියේ වීරයා බවට පත්විය. සහිරා විදුහල් පිලේ එම්.හමාද් හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනුවේය.

රුසෙයික් ෆාරුක්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();