Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත බැඳපු පුබුදුගේ අතීත කතාවක් එළියට

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ගුරුවරයෙකු විසින් ඔහුගේ අතීතය ගැන මතක් කරමින් අපූර සටහනක් තබා තිබුණා. මේ කතාව හැමෝටම ආදර්යශක් වෙයි කියලා හිතෙන නිසා අපිත් හිතුවා මේක ඔබට කියන්න. පාසල් යන අවධියේ පටන් මේ දක්වා නළුවෙකු ලෙස ගොඩනැගුණු පුබුදුගේ ඒ අතීත කතාවයි මේ…

“2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ ගාල්ලේ ඉඳලා. ඒ දවස්වල මම ගාල්ලේ පන්ති නොකරපු නිසා තමයි එයාට ගාල්ලේ ඉඳලා මාතරටම එන්න සිද්ධ වුනේ. ටික කාලයක් යනකොට මම ඒ ළමයව අඳුරගත්තේ පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට. ඒ එයාට Tests වලට ගොඩක් ළකුණු තිබුනු නිසා නෙමෙයි. අනිත් එක ඒ දවස්වල මම වැඩිය මගේ පන්තියේ Tests තිබ්බෙත් නෑ. ඒත්, ගානක් හදන්න දුන්නු වෙලාවට එහෙම ඒ ළමයා අනිත් අයට කලින් ගාන හදලා ඉවර කරනවා. ඒ වගේ දෙවල් නිසා කාලයත් එක්ක පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට මම එයාව අඳුරගත්තා. කාලය ගතවෙලා විභාගය ආවා. මේ ළමයත් විභාගේ ලිව්වා. ප්‍රතිඵල ආවා. ඒත් එයාට හිතපු තරම් හොඳ ප්‍රතිඵලයක් නෑ. නමුත්, එයා අසමත් වෙලා තිබුනේ නෑ. ඒත්, ගොඩක් හොඳ ප්‍රතිඵලයක් එයාට තිබුනෙත් නෑ. දෙ‍වනි සැරේටත් විභාගේ කරන්න හිතාගෙන මෙයා ආපහු මගේ පන්ති ආවා. දෙවනි පාරත් විභාගේ කලා. ඒත් වෙනසක් නෑ. කලින් පාර වගේමයි. හොඳින් සමත් වෙලා තිබුනේ නෑ.

ඊට පස්සේ මම ඒ ළමයගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එයා හරි අපූරු උත්තරයක් දුන්නා. “සර්, මට නළුවෙක් වෙන්න ඕන.” ඒක එයාගේ උත්තරය වුනා. මට අදහගන්නත් බෑ. මෙච්චර හොඳට ඉගෙනගන්න පුළුවන්, මෙච්චර දක්ෂ ළමයෙක්ට මේ වගේ බලාපොරොත්තුවක් හිතේ තියෙන එක පුදුමයක්. එයා තුන්වෙනි පාර විභාගේ කරන එකත් ප්‍රතික්ෂේ කලා. මම ඇහුවා ඒකට ගෙදරින් කැමතිද කියලා. “නෑ.” ඒ ළමයගේ උත්තරය වුනා. “සර්, මට උදව් කරනවද?” මම, මම ගැනම හිතුවා. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්කම තිබුනත් මම තොරගත්තෙත් ගුරුවෘත්තිය. මොකද මම කැමති වුනේ ඒ දේට නිසා. මට මේ ළමයත් එහෙම වෙන්න ඇති කියලා හිතුනා. මම මගේ ගාව තිබුනු රු.7000න් රු 1000ක් මගේ ළඟ ති‍යාගෙන ඉතිරි රු.6000 එයාට දීලා “උඹ කවදහරි හොදම නලුවා වෙලා වරෙන්” කියලා කිව්වා.

කාලය ගෙවිල ගියා. මෙන්න අවුරුදු කිහිපයකට පස්සේ චිත්‍රපටියක සුළු චරිතයකට මෙයා ඉන්නවා මම දැක්කා. මම කවදාවත් චිත්‍රපටි බලන්නෙ නැති කෙනෙක් වුනත් මම ඒ චිත්‍රපටියනම් බලන්න ගියා. තව ටික කාලෙකට පස්සේ මෙයා ටෙලිනාට්‍යයකත් ඉන්නවා මම දැක්කා. මම ඒ නාට්‍යත් බැලුවා. කලින් චිත්‍රපටියෙට වඩා එයාගේ ලොකු දියුණුවක් මම නාට්‍යයෙදි දැක්කා. මම එයාගේ නම්බරේ හොයාගෙන කෝල් එකක් ගත්තා. “සර්, මට සර්ව හම්බවෙන්න එන්න ඕන. ඒත් දැන්ම බෑ. මම කවදහරි එන්නේ හොඳම නලුවා සම්මානේ අරන්.” එදා එයා දුරකතනයෙන් මට කිව්වා. තවත් අවුරුදු පහක් විතර ගෙවිලා ගියා. පසුගිය දවසක ‍මගේ ගා‍ල්ලේ පන්තියට ඔහු ආවා. නිකන්ම නෙමෙයි හොඳම නලුවාට හිමි සම්මානෙත් අරගෙන. මම පුදුම වුනා. එදා රු.6000ක් දීලා මම නිකමට “උඹ හොඳම නලුවා වෙලා වරෙන්.” කියපු දේ ඔහු සැබෑවක් කරලා. ඔහු මට, ඔහු දිනාගත් සම්මානය දීලා කිව්වා “සර්, මේක සර් මාව මතක් වෙන්න තියාගන්න කියලා.” ඒත් මම ඒ සම්මානේ ආපහු ඔහුටම දුන්නා. මොකද ඒක අයිති ඔහුටමයි. අවුරුදු 10ක් කට්ට කාලා ඒ සම්මානේ දිනාගත්තේ ඔහුමයි.”

හිතන්න. ඔබත් ඔබ වන්න. ඔබ තුල සිටින ඔබව අවධි කරන්න. එදා ජනක අබේවර්ධනයන්, බුද්ධිමත්ව කටයුතු නොකලානම් පුබුදු චතුරංග අද සිනමා නලුවකු නොවීමට ඉඩ තිබුනා. තමා තුල සිටින සැබෑ පුද්ගලයා හඳුනාගන්න. තමාගේ ඉරණම තමාම වෙන්න. තමාගේ ඉරණම තමාම තීරණය කරන්න. ඔබේ ජීවිතයේ ජයග්‍රහණය අත පොවන මානයේ ඇත.



from Gossip Lanka News & Video http://ift.tt/2FOIcWg
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();