ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික කැසිනෝ අධිරාජ්‍යයා ජේම්ස් පැකර් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ඔහු ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් විදෙස් වාර්තා වේ.
ඔහුගේ පෞද්ගලික ආයෝජන පිළිබඳ එම ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කරමින් කියා තිබුණේ, තම ප්‍රධානියා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ව්‍යාපාරයෙන් ඉවත්වන බවය.
50 වැනි වියෙහි පසුවන පැකර් 2015 වසරේදී ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂධුරයෙන් ඉල්ලා අස්වුවත්, ඔහු පසුගිය අගෝස්තු මාසයේදී යළි එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය.

0 Comments