Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති වැඩ අරඹයි

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් වූ ජේ.සී. අලවතුවල සිය ධූරයේ වැඩ භාර ගැනීම අද (02) පෙ.ව. 10.10ට යෙදී තිබෙන සුබ මොහොතින් සිදු කෙරේ.

කොළඹ-07 පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පරිශ්‍රයේ දී වැඩ භාරගැනීම සිදුවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ජේ.සී. අලවතුවල කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.

කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙසද කටයුතු කරන ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකරයා ද වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();