Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩන්කන් ජන්ම සංවත්සරයට විශේෂ මුල් දින කවරයක්

මාර්තු 1 වැනිදාට යෙදී තිබුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභීයා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම පෙරේදා (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නියෝජ්‍ය තැපැල්පති (පාලන) වී. විවේකානන්දලිංගම් මහතා එය ජනාධිපතිතුමා වෙත පිළිගැන් විය.

ක්‍රීඩා අැමැති දයාසිරි ජයසේකර, ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();