රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පූටින් ජයග්‍රහණය කරනු ඇතැයි එරට මැතිවරණ කොමිසම මෙතෙක් ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල අණාවරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙතෙක් ප්‍රකාශිත නිල ජන්ද ප්‍රතිඵල අනුව 76% ක වැඩි ජන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් ව්ලැදිමීර් පූටින් පෙරමුණේ පසුවන බවයි.
ඒ අනුව 2012 වසරේදී 64% ක ජන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ජනාධිපතිවරණයෙන් ජයගත් පුටින් මේ වසරේ ඊට වඩා වැඩි ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය.
පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වුණේ 1999 වසරේ දෙසැම්බර් 31 වැනිදායි.
2000 වසරේ මැයි 07 වන දා ඔහු රුසියානු සමූහාණ්ඩුවේ දෙවැනි ජනපති බවට පත්විය.
අනතුරුව ඔහු යළිත් වරක් රුසියානු ජනපති බවට පත්වූයේ 2012 වසරේදීයි.
ඒ අනුව සිව් වරක්ම රුසියානු රාජ්‍යයේ පාලන බලය සියතට ගැනීමට සමත්වු නායකයෙකු ලෙස ජනාධිපති පුටින් ඉතිහාසගතවනු ඇති.
මෙවර ජනාධිපතිවරණයේ පූටින්ට ආසන්නතම ප්‍රතිවාදියා වන පාවෙල් ගෘඩිනින් ඔහුට සාපේක්ෂව හිමිකරගැනීමට සමත්ව ඇත්තේ 12.1% ක ජන්ද ප්‍රතිශතයක් පමණි.
සෙසු ප්‍රතිවාදීන් හත් දෙනා 2% වඩා ජන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට සමත් නොවී ය.
පසුගිය වසර කිහිපය තුළ තම නායකත්වය යටතේ අත්පත්කරගත් ජයග්‍රහණ රුසියානු ජනතාව හඳුනාගෙන ඇති බව මින් තහවුරු වන බව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය හමුවේ ජනතාව ඇමතූ ව්ලැදිමීර් පූටින් කියා සිටියේ ය.
තවත් වසර 6කට පසු යළිත් රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයට , සිනාමුසුව ප්‍රතිචාර දැක්වූ පූටින් ප්‍රකාශ කළේ, වයස අවුරුදු 100 ක් වන තෙක් ජනාධිපතිධූරයේ රැඳී සිටීමට තමන්ට කිසිඳු අපේක්ෂාවක් නොමැති බවයි.
මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ පූටින් , 2024 වන තෙක් බලයේ රැඳී සිටිනු ඇති.
එරට විපක්ෂ නායක ඇලෙක්සියි නවෙල්නිට මෙවර රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි විය.
දූෂණ චෝදනා හමුවේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් නොලැබූ ඔහු සැලකෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ දැඩි විවේචකයකු ලෙසයි.
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට සවන්දීමෙන් පසු ඇලක්සෙයි නවෙල්නිට සිය කෝපය පාලනය කරගැනීමට අපහසු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

0 Comments