Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ජපානයේ රාජ්‍ය සංචාරය අරඹයි

 ජපාන සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (12) පෙරවරුවේ ජපානයට ළඟාවිය.

දෙදින ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ජපානය බලාගමන් ඇරඹූ අතර ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ.

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිතුමා ජපානයේ රජුවන අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ හමුවීමට නියමිත අතර, ජනාධිපතිතුමා වෙත එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය 14 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.

අනතුරුව ජනාධිපතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන අතර එහිදී දෙරට අතර ආර්ථික වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කරනු ඇත.

එමෙන්ම විශේෂ ව්‍යාපාරික හා ආයෝජන සමුළුවකට ද ජනාධිපතිතුමා එක්වීමට නියමිත අතර ජයිකා ආයතනයේ සභාපතිවරයා මෙන්ම ජපාන වාණිජ්‍ය මණ්ඩලය සහ ජපාන විදේශ වෙළෙඳ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සිය ජපාන සංචාරය තුළදී ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ සිද්ධස්ථානයන්හි ප්‍රධාන සංඝනායක හිමිවරුන් බැහැදැකීමට ද ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර, එරට නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත විමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය තිලක් මාරපන, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();