Ticker

6/recent/ticker-posts

Header Ads Widget

භේදයක් නැතිව වැඩකරමු

කිසිදු භේදයක් නොමැතිව ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාගේ සහයෝගයද ඇතිව සියළුම සේවකයින් එකාවන්ව වැඩ කරමින්, 2020 වනවි‍ට ජන බලයෙන් ලැබුණු වගකීම ඉටු කරන්නට ‍බේදයක් නැතිව එක්වන ලෙස මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නව අමැතිවරයා ලෙස වැඩ භාර ගනිමින් කබීර් හෂීම් මහතා පැවසීය.

බත්තරමුල් කොස්වත්තේ පිහිටි මඟනැගුම මහ මැදුර පිහිටි මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාතයංශ කාර්යාලයේ පැවති සරළ වැඩ භාර ගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම වැඩ භාර ගැනීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා , මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩී. සී. දිසානායක සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් ආර්. සූරියආරච්චි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();