Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වඳ බෙහෙත් කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කළොත් රුපියල් මිලියනයක් දිනාගන්න පුළුවන්

අම්පාරේ ආපන ශාලාවක වඳ බෙහෙත් තිබූ බවට කියූ සිද්ධිය නිසා මේ දිනවල ඒ පිළිබඳ ආන්දෝලනාත්මක ලෙස කතාබහක් පැතිරෙමින් පවතිනවා.

මේ අතර මොහොමඩ් නදිමුජීන් නම් මහාචාර්යවරයෙකු ෆේස්බුක් තුළ සටහනක් යොදමින් පවසා ඇත්තේ මුස්ලිම්වරයකු විසින් අළෙවි කරනලද ආහාර හෝ රෙදිවල ප්‍රතිසන්ධිරෝධක (ගැබිගැනීම වලකන) ද්‍රව්‍ය ඇති බව ඔප්පු කරන්නේනම්, එම තැනැත්තාට තමන් රුපියල් මිලියනයක් ලබාදෙන බවයි.

ඔහු මැලේසියාවේ මේලක මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවත්, ඊට පෙර උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කර ඇති බවත් අදාල ෆේස්බුක් ගිණුමෙහි සටහන් වනවා.

වඳ පෙති යනුවෙන් ඔහු තබනලද සටහනේ නැතත්, වඳ පෙති සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල නිර්මාණය වී තිබෙනවා.

මේ එම සටහනයි.

1

2



from Gossip Lanka News & Video http://ift.tt/2CVJ2dO
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();