ඔහු ආපසු ඇවිත් තර්ජන ගැන පැමිණිලිකර නෑ
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහි දී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ මහතා මෙරටට ගෙන ඒම පිණිස මෙරටින් එරටට යැවූ කණ්ඩායමේ එක් සාමාජිකයකුට මරණීය තර්ජන එල්ල වී ඇති බැවින් ඔහු කිසිවකුටත් නොදන්වා ආපසු පැමිණ ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.
උදයංග විරතුංග මහතා ඩුබායිහි දී ජාත්‍යන්තර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණු අවස්ථාවේ ඔහු මෙරටට භාරදෙන ලෙස ඉල්ලීමක් කර මෙරටින් කණ්ඩායමක් එරටට යවනු ලැබිණි. එම කණ්ඩායම හයදෙනකුගෙන් සමන්විත විය. මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තානාපති කාර්යාල නිලධාරීන් ගෙන් එම කණ්ඩායම සමන්විත විය.
එම කණ්ඩායමේ එක් පුද්ගලයකුට එම ගමන යන අතරතුර ඔහුට එම කර්තව්‍යයෙන් ඉවත් වන ලෙසත් නැතහොත් සිය පවුල ඝාතනය කරන බවටත් ඒ මහතාගේ දුරකතනයට මරණීය තරජනාත්මක පනිවුඩයක් ලැබී ඇති බව පැවසේ.
ඒත් සමඟම එම නිලධාරියා කිසිවකුටත් නොදන්වා ආදළ කටයුතු අතරමග නවතා දමා ආපසු මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. එම නිලධාරියා එසේ ඔහුට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණ අංශයකට පැමිණිලි කර නැත. ඊට හේතුව වන්නේද එම නිලධාරියාට තවත් තර්ජන ඒවි යන බිය නිසා එසේ කිසිවකුටත් පැමිණිලි කර නොමැති බවද මුල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග කියයි.
පසුගිය වකවානුවේදී ද මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට විවිධ අවස්ථාවල විවිධ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අවස්ථාවේ දී මරණීය තර්ජන එල්ල වී තිබුණි. එහෙත් එම කොට් ඨාසයේ කිසිම නිලධාරියෙක් එම තර්ජනවලට බියෙන් එම පරීක්ෂණ කිරීම අතරමඟ නවතා දැමුවේ නැත. එසේ තර්ජන මධ්‍යයේ කළ පරීක්ෂණ කිහිපයක්ම පරීක්ෂණ අවසන් කර එම වංචාවන් ඔප්පු කර ඒවාට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති උපදෙස් ගැනීම පිණිස නීතිපතිවරයා වෙත යවා ඇති බවද කියයි. උදයංග විරතුංග මහතා මේ වන විට ඩුබායි රටෙන් පිටව ගොස් ඇති බවට ද මුල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඔහු වෙනුවෙන් මේ වන විට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ක්‍රියාත්මක වෙයි. තවද ඔහු ජාත්‍යන්තර අපරාධකරුවකු ලෙස එම ජාලයට එකතුකරනු ලැබිණි.
0 Comments