ශ්‍රී ලංකා බන්ධනාගාර ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියාවේ කේරල බන්ධනාගාර ක්‍රිකට් පිල අතර කේරළයේ කාරියවට්ටොම් ග්‍රීන් ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්වෙයි. කේරල බන්ධනාගාර ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 53ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් බිද වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
මේ තරගයේ දක්ෂතම පිතිකරු ලෙස ශ්‍රී ලංකා බන්ධනාගාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ පුනරුත්තාපන නිලධාරී දර්ශන රුද්‍රිගූ සම්මාන දිනාගත් අතර, කළුතර බන්ධනාගාරයේ ගබඩා භාරකරු පී. ආර්. සිල්වා සෑම අංශයකින්ම දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේය.
මේ සංචාරයට බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

0 Comments