Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ නාගරික කොමසාරිස් ඉවතට

Author(s): 
විජයානි එදිරිසිංහ

ආණ්ඩුකාරවරයා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරයි

මීට මාස 11කට පෙර එනම් පසුගිය වසරේ අප්‍රේල් ‍15 වැනිදා රටම කම්පාවට පත් කරමින් සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඛේදවාචක‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතා එම කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් අණ්ඩුකාර කේ. සී. ලෝගේස්වරන් මහතා පියවර ගෙන අැත.

පුද්ගලයන් දසදෙනකු මරුමුවට පත් කරමින් තවත් පිරිසක් අතුරුදන් කරමින් නිවාස කඩ සාප්පු යාන වාහන මිල මුදල් ගෘහ භාණ්ඩ ඇතුළු තවත් අති විශාල වටිනා භාණ්ඩ රැසක් විනාශයට පත් කරමින් සිදු වූ එම ඛේදවාචකයෙන් විනාශ වූ මිනිස් ජීවිත ඇතුළු තවත් බොහෝ දැ සොයා යුද්ධ හමුදාව සෙසු ආරක්ෂක අංශවල සහ පොලිසිය සිවිල් ආරක්ෂක බළකායේ සහායෙන් නොනැවතී පැවැති වර්ෂාව මධ්‍යයේ මාසයකට ආසන්න කාලයක් මෙහෙයුමක දියත් කළහ. අඩි විස්සකටත් වඩා උසට වැටී තිබූ කුණු කන්ද කපා දමමින් ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමෙන් සොයා ගැනීමට හැකි වූයේ මිනිස් මළ සිරුරු දහයක් පමණි එම මෙහෙයුම තව දුරටත් සිදුකළ නොහැකි තත්ත්වයක් තුළ එම සිරුරු සෙවීම අපහසු තත්ත්වයක පැවැති බැවින් මෙහෙයුම නවතා දැමුවත් එම කුණු කන්ද සම්බන්ධව හමුදාවත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුව එක්ව බොහා් කාලයක් පරීක්ෂණ සිදු කරනු ලැබිණි. ඒ අතර ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධව සොයා බැලීම පිණිස කොමිසමක් පත් කරන ලදි. එම කොමිසමේ වාර්තාව අනුව කොළඹ නාගරික කොමසාරිස්වරයා මෙසේ එම කොමසාරිස් ධු‍රයෙන් ඉවත් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();