Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුතුරාජවෙලත් රටට අහිමිවෙන ලකුණු – මුදලට කෑදර දේශපාලුවන් සහ ව්‍යාපාරිකයන් මුතුරාජවෙල බිළිගනී

ඉන්දියන් සාගරයේ මුතුඇටය කියලා අපේ රට හැදින්නුවට අද රට ඇතුලේ සම්පත් කොයිතරම්නම් ටික ටික විනාශයට පත්වෙනවද..?
හැම සම්පතක්ම තිබුණත් ඒ දේවල් රටේ බලධාරින්ට ආරක්ෂා කරගන්න බැරිනම් ඒක රටේත් මිනිස්සුන්ගේත් අවාසනාව.
විල්පත්තු වන සංහාරය නතර කරන්න කිසිම කෙනෙකුට බැරිවුණා.
ඒ හැමදේම දැක දැක බලධාරීන් ඉන්නේ ඇස් පියාගෙන.
ඒ විදිහට තවත් අපේ රටේ සම්පතක් විනාශවෙමින් යනවා.
අපේ රටේ වටිනාම තෙත් භූමියක් වන මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් සිදුවෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.
බලධාරීන්, දේශපාලඥයන් ඇතුළු ව්‍යාපාරිකයන්ගේ බඩගොස්තරය රැකගන්න මේ විදිහට රටේ වටිනා සම්පත් විනාශ කරන්න ඉඩදිය හැකිද..?
අක්කර ගාණන් ගොඩකරලා එක එක ව්‍යාපෘති කරන්න සූදානම් වෙනවා කියලා තමයි අපිට ප්‍රදේශවාසීන් කිව්වේ.
ඒ වගේම දෑලතුර පැත්තෙත් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් ව්‍යාපාරික කටයුත්තකට ගොඩකිරීම් අරඹලා.
කන්ටේනර් යාඩ් එකකට වගේම තවත් ව්‍යාපෘති කිහිපයකට මේ විදිහට මුතුරාජවෙල විනාශ කිරීම ගැන වගකිවයුතු බලධාරීන් නොදැනුවත්ද..?
ජනාධිපතිතුමා විසින් තෙත් බිම් සහ කුඹුරු ගොඩ කිරීම තහනම් කර තිබියදී මෙවැනි විනාශයන් සිදුවන්නේ කෙසේද..?
මිතුරාජවෙල පැත්තේ ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ මේ වැඩ අතරමග නතර වුණත් යම් යම් බලපෑම් හරහා එය සිදුකරගෙන යන බවයි අපට වාර්තා වුණේ..

1

2

4

3



from Gossip Lanka News & Video http://ift.tt/2u3GvPk
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();