Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාවලපිටිය ස්ථානාධිපති ඉවත් කරන්නැයි ඉල්ලා එජාප සංවිධායක විරෝධතාවක

නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තම රාජකාරිය පැහැර හැරීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව කියමින් ඔහු වහා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය පොලිසිය ඉදිරිපිට පෙරේදා (10) උදෑසන සිට පස්වරු 2.00 චක්වා විරෝධතාවක නිරත විය.

කොට්ටයක් හා පැදුරක් පොලීසිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ එළා මන්ත්‍රීවරයා මෙම විරෝධතා දියත් කළ අතර ඒ හේතුවෙන් නාවලපිටිය නගරය හරහා රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.

මහනුවර සංචාරයක නිරතව සිටින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යය රංජිත් මුද්දුම බණ්ඩාර මහතා දුරකථනයෙන් මන්ත්‍රීවරයා අමතා උපවාසය අත්හරින ලෙස ඉල්ලීමක් කළ නමුත් මන්ත්‍රීවරයා ඊටද එකඟතාවක් පළ නොකළේය.

පොලිස් ස්ථානාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයන් හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් පීඩාවට පත් කරමින් නීතිය ආසාධාරණ ලෙස ක්‍රියාත්මක කරන බවත් පසුගිය මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාගේ නිවසට ගල්මුල් වලින් පහරදී ඔහුගේ දරුවන්ටද තුවාල සිදු කළ සැකකරුවන්ට පොලීසියේ ආශීර්වාදය හිමි වන බවත් ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවර නොසන්සුන්කාරී වාතාවරණයක් පවතිත්දී තමන් 10 දා අලුයම 5.00 ට පමණ නාවලපිටිය නගරයේ සංචාරයක නිරතවූ බවත් නගරයේ කිසිදු ස්ථානයක පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී නොසිටි නිසා නගරයේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බැවින් වහාම පොලිස් ස්ථානාධිපති මාරු කරන ලෙස ඉල්ලා තමන් මෙලෙස උපවාසය ආරම්භ කරන ලද බවත් මන්ත්‍රීවරයා කීය.

පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැසුවේ නාවලපිටිය නගරය සහ ඒ අවට කිසිදු ස්ථානයක පසුගිය දිනවල කිසිදු ආකාරයේ සිදුවීමක් වාර්තා නොවූ බවත් මන්ත්‍රීවරයා සිදු කරන චෝදනාව පදනම් විරහිත බවත්ය.

මේ අතර මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මුතාලිෆ් හාජියාර් මහතා පැමිණ මන්ත්‍රීවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් මන්ත්‍රීවරයා විරෝධතාව අත්හරිනු ලැබීය.

නාවලපිටිය විශේෂ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();