රාජාංගණය ජලාශයේ ජලය භාවිතා කරමින් චීන සමාගමක මූල්‍ය දායකත්වයෙත් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් දුන් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඊ.එම්.වන්නිනායක මහතා පැවසුවේය.
රාජාංගනය ජලාශයේ ජලය භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල ව්‍යපෘතිය හේතුවෙන් තම ගොවිබිම් වලට ජලය හිඟ වන නිසා යෝජිත ජල ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස බලධාරින්ට බල කරමින් රාජාංගණය ගොවි ජනපදයේ ගොවි ගෙවිලියන් 3000 කට ආසන්න පිරිසක් පෙරේදා (28) උදෑසන තඹුත්තේගම මූලස්ථාන පොලිසිය ආසන්නයේ පැවත්වූ දැවැන්ත විරෝධතාව සැලකිල්ලට ගනිමින් දිසාපතිවරයා එම තීරණය ගෙන තිබිණි.
වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හා ජල සම්පත් මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කර එම යෝජනාව කැබිනට් අනුමැතියට යොමු කර අනුමැතිය ලබාගෙන තිබියදී පැවත්වූ විරෝධතා සමග අදාල ආයතන හා සාකච්ඡා කර ගොවින් දැනුම්වත් කිරීම සදහා ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වූ බව ඒ මහතා පැවසුවේය. එය ආරම්භ කිරීම යෝජනාවක් පමණක් බවත් කිසිදු මුදලක් ඒ සදහා තවම යොදවා නැති බවත් දිසාපතිවරයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලඅපවාහන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාර පී.එස්.ලොකුබරණ මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී ඒ මහතා මෙසේ පැවසුවේය.මේ ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණේ 2011 වසරේදී. චීන ආයෝජකයෙක් මේ සදහා මූල්‍ය දායකත්වය සපයනවා. මේක මානූෂිය ව්‍යාපෘතියක් මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය සැපයිය යුතුයි. වර්ෂාව සමයට රාජංගණය ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර කොතරම් ජලයක් නිකරුණේ මුදාහරිනවද? මෙය තාවකාලිකව නැවත්තුවා නමුත් මුළුමනින්ම නතර කරොත් චීන සමාගමට රුපියල් මිලියන ගණනක ආලාභයක් ගෙවීමට සිදුවනවා යැයි ඒ මහතා පැවසුවේය.
අනුරාධපුර මධ්‍යම විශේෂ
0 Comments