Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගු වන් හමුදා 67 වැනි සංවත්සරය සහ ප්‍රදර්ශනය අද

ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 67 වැනි සංවත්සරය අද (2) සැමරීමට කටයුතු සූදානම් කර ඇති අතර වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමන්ගේ නිසි මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මේ සියලු කටයුතු සංවිධානෙ කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරමිභය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු විය. ඉන් අනතුරුව 1972 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි ලක්මව සුරකින්නට “සුරකිමු ලකඹර” උදෘත පාඨය කර ගනිමින් පුරා වසර 67 ක් තම මෙහෙවර මවි බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි විය.

67 වසරක අභිමාණවත් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලකඹර සුරකිමින් තම කාර්යයන් නිසි ලෙස ඉටුකරනවා සේම තම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාවගේ සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වන ලදි.

ගුවන් හමුදා සංවත්සර දිනය, ගුවන් හමුදා වාර්ෂික දින දර්ශනයේ ප්‍රමුඛ අංගය වන අතර මෙවර එය ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේදී Air Tattoo 2018 ලෙස විශේෂ ප්‍රදර්ශනයක් සහ සැණකෙලියක්ද සමගින් ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සංවිධාන කර ඇත. ගුවන් හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මේ සංදර්ශනය ජනතාව වෙනුවෙන් නොමිලේ නැරඹිමට අවස්ථාව සලසා දි ඇති අතර මෙම ප්‍රදර්ශනය හා සැණකෙලිය නැරඹීම සදහා ලක්වාසි සියළු දෙනාහට ගුවන් හමුදාව ආරාධනා කර සිටි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපතිවරුවන් 16 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 67 ක් ශ්‍රී ලාංකීය ලකඹර සුරැකිමින් තම මෙහෙවර මවි බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කලා සේම ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරතුරු සූදානමින් සිටි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();