Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි..!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඒකාබද්‍‍‍ධ විපක්‍සය විසින් අද (21) කතානායකවරයාට බාර දෙනු ලැබීය.

කතානායක නිල කාමරයේ දී බාර දුන් එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනකු ද අත්සන් තබා ඇතැයි දැනගන්නට තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේදී යහපාලන ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම සම්බන්ධවද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම අදහස් දෙකක සිටින බවද වාර්තා වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 04හිදී ඊයේ (20දා) රැස් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සිටි ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් කීපදෙනෙකු හෝ අත්සන් කළ යුතු බවයි.

මෙම මන්ත්‍රීවරුන් පිරිස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට පෙන්වා දී ඇත්තේ එසේ නොවුණොත් විශ්වාසභංග යෝජනාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යනු ඇති බවයි.

ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු මෙම රැස්වීමට සහභාගි වූ ඉතිරි මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ විශ්වාසභංගය බාරදීමේදී එ.ජා.ප.යේ හා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන්ගේ අත්සන් අත්‍යවශ්‍ය නොවන බවයි. එමෙන්ම පක්‍ෂ දෙකෙහි මැති ඇමතිවරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමේදී ගැටලු මතුවිය හැකි බැවින් ඔවුන්ගේ අත්සන් අනිවාර්යය නොවන බවත්, විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ලක්කිරීමේදී ඔවුන්ගේ සහාය ලබා ගැනීම ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කර ඇත්තේ අත්සන් ලබාගත හැකි ශ්‍රීලනිපයේ හා එජාපයේ මන්ත්‍රීන් 06 දෙනෙකුගෙන් අත්සන් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බවයි.

අමිත් මධුරංග/චාමර සම්පත්

The post අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();