Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රථයක් වියානනී ඇලට පෙරළීමෙන් අයෙක් අතුරුදන්

බදුල්ල – මහියංගනය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානනී ඇලට පෙරලීමෙන් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

මෝටර් රථයේ සිටි රියදුරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු හා තවත් කාන්තාවක් අනතුරින් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය පැවසීය.

මහියංගනය පොලිසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

අද (26) උදෑසන 07.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් දිවි බේරාගත් කාන්තාව සුළු තුවාල ලැබීම හේතුවෙන් මහියංගනය රෝහලට ඇතුළත් කර ඇත. මහියංගනය පොලීසිය විසිදු විමර්ශන ආරම්භ කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();