Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කළුතර පානීය ජල ගැටලුවට වහා පිළියම්

Author(s): 
කළුතර මධ්‍යම සමූහ

කළුතර ජනතාව මේ වනවිට මුහුණදී සිටින පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාතික ජල සම්පත් මණ්ඩලයට අයත් කඳාන ජල පවිත්‍රාගාරයේ සිට පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා කීය. මෙම ජලය පානය කිරීම හා ආහාර පිළියෙල කිරීම සඳහා භාවිතා කරන ලෙසත් වෙනත් කටයුතු සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් බෙදා හරින ජලය උපයෝගී කර ගන්නා ලෙසත් දිසා ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා කළුතර ප්‍රදේශයේ ජල පාරිභෝගිකයින් ලක්ෂ 6ක් පමණ මේ වනවිට දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

ප්‍රදේශයේ පානීය ජලය සැපයීම සඳහා බවුසර 13ක් යොදවා බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ ස්ථාන භාර නිලධාරී කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා කීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();