Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කළුතර මහ රෝහල සංවර්ධනය කර ශික්ෂණ රෝහලක් කිරීමට පියවර

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

තුන් අවුරුදු සැලැස්මක් යටතේ රුපියල් මිලියන 12,000 ක් වැය කරමින් කළුතර මහ රෝහල සංවර්ධනය කර ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කරයි.

කළුතර මහ රෝහලට අනුබද්ධව රුපියල් කෝටි 340ක් වැය කරමින් මාතෘ හා ළමා රෝහලක් ගල්අස්ස ප්‍රදේශයෙහි ඉදිකිරීමට පියවර ගෙන ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය.

නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක අයුරින් ජනතාවට ලබාදීමේ අරමුණෙන් මේ සංවර්ධන කටයුතු සිදු කරන බව ඇමැතිවරයා පවසයි.

රජයේ ප්‍රතිපාදන යටතේ කළුතර මහ රෝහලේ සීමාවාසික වෛද්‍ය නිල නිවාස ගොඩනැඟිල්ල ඉදිකිරීම් ආරම්භය, වෘක්කවේද කාන්දු පෙරීමේ ඒකකය විවෘත කිරීම සහ නවීකරණය කළ ශ්‍රවණාගාරය විවෘත කිරිම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසුවේය.

රට පුරා වෛද්‍යවරුන්ගේ නිල නිවාස ගැටලුව විසඳීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක යැයි ද, ඒ යටතේ නිල නිවාස 5000ක් ඉදිකරන අතර හෙද, අතුරු වෛද්‍ය සේවා ක්ෂේත්‍ර සඳහා නිල නිවාස ඉදිකිරීමට පියවර ගන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

වසර 2020 වන විට එම වැඩපිළිවෙළ නිම කිරීමට සැලසුම් සකසා ඇති බවත් ප්‍රංශ ආධාර යටතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ නව රෝහලක් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මාතලේ සහ දඹුල්ල රෝහල් ද සංවර්ධනය කරන අතර කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර විවෘත කළ බවත් රෝගී තදබදය අවම කිරීම සඳහා මේ වසර අවසන් වන විට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000ක් රට පුරා ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට එමඟින් විශාල සහනයක් ලැබෙන්නේ යැයි ද, ඉන්දීය රජයේ ආයෝජනයක් මත තවත් රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් රට පුරා අදියර 03 ක් යටතේ ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා පැවැසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();