Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ර‍ජරට රැජින’ 50 වැනි සංවත්සරය සමරයි

 පොල් රුප්පාවෙන් තල්රුප්පාවට ගමන් ගන්නා රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (26) සිය 50 වැනි සංවත්සරය සැමරීය.

1968 පෙබරවාරි 26 වැනි දින ප්‍රථමයෙන් ගමන් ආරම්භ කළ මේ දුම්රිය මාතර සිට කොළඹටත් කොළඹ සිට වව්නියාවටත් ධාවනය කෙරෙයි.

උතුරත් දකුණත් යා කරමින් කිසිදු බාධාවකින් තොරව ඉතා හොඳ සේවාවක් සලසමින්වසර 50ක දීර්ඝ සේවාවක යෙදුණු මේ දුම්රිය ඊයේ ධාවනය කළේ රත්මලාන කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කරන ලද එන්ජිම හා දුම්රිය මැදිරි ද සමඟිනි. මෙම සේවාව සාර්ථක සේවාවක් ලෙස පවත්වාගෙන යෑමට මගීන්ගේද අදහස් සැලකිල්ලට ගෙන කටයුතු කරන බව මේ අවස්ථාවට සහභාගි වෙමින් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවැසීය.

ඡායාරූපය - වාසිත පටබැඳිගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();