අභාවප්‍රාප්ත බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මහත්මියගේ දේහය ඉන්දියාවට රැගෙන ඒමට පියවර ගෙන ඇත. ඇයගේ සැමියා වන බොනී කපූර් ඩුබායිහි සිට ඇයගේ දේහය ඊයේ (26) මුම්බායි වෙත රැගෙන එන බවට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
ශ්‍රි දේවීගේ නිවස ඉදිරිපිට රසිකයන් විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා රැස්ව සිටින බව පවසන ඉන්දීය මාධ්‍ය ඇයගේ මියයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසක් ශෝකය පල කර ඇති බවද ප්‍රකාශ කරයි.
හෘදයාබාධයකට ලක්ව මිය යනවිට 54 වැනි වියේ පසුවූ අතර ශ්‍රිදේවි යන නමින් කා අතරත් ප්‍රකටව සිටි ඇය ඩුබායිහිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගිවෙමින් සිටියදීය. ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිවුවෙනි ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් 2013 වසරේදී ශ්‍රී දේවිය පිදුම් ලැබුවාය.

0 Comments