ආඝාතයට (stroke) ගොදුරු වූ පුද්ගලයන්ට ඉක්මන් සුවය ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට උපකාර වන දත්ත ලබාදෙන, ශරීරයේ පැලඳිය හැකි අන්දමේ සංවේදකයක් (sensor) අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයෝ පිරිසක් වැඩිදියුණු කරමින් සිටිති.
මේ සංවේදකය මගින් වෛද්‍යවරුන්ට රෝගියා පිළිබඳව අඛණ්ඩව තොරතුරු ලබා දෙයි.
චිකිත්සකයන්ට වඩාත් සමීපව තම ප්‍රතිකාර නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මෙයින් උදාවන බව මේ විශේෂඥ කණ්ඩායම පවසති. මෑතකදී 'ටෙක්සාස්'හි පැවති 'විද්‍යාවේ උන්නතිය සඳහා වන අමෙරිකානු සංවිධාන' (American Association for the Advancement of Science) වාර්ෂික සමුළුවේදී මේ පර්යේෂණයේ තොරතුරු හෙළි කරන ලදී.
ඡායාරූපය- SHIRLEY

0 Comments