Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන’ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ජනපති

 

කරුණාරත්න අබේසේකර, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීණ ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ‘නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන’ සමඟින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල පෙරේදා (24) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත විශේෂ සම්මාන තිළිණ පිළිගැන්වීම මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

සවන රැඳි ගීත රසික සංසදය විසින් මෙය සංවිධානය කර තිබුණි.

ඇමැති ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ඇමැති රංජිත් සෝමවංශ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප
නිශංක ද සිල්වා ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();