මෙරට සියළුම ක්‍රීඩා සංගම් විසින් මේ වසර තුළ පවත්වන ජාතික හා ජාත්‍යන්තර තරග ඇතුළත් 2018 ක්‍රීඩා කැලැන්ඩරය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එළිදැක්වීය.
මේ ක්‍රීඩා කැලැන්ඩරය ක්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතින් පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි.
කාලයක් නිකුත් නොකෙරුනු ක්‍රීඩා කැලැන්ඩරය දයාසිරි ජයසේකර මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත පසුගිය වසරේ සිට නැවත නිකුත් කිරීම සිදු කරන අතර මෙහි සියළුම ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා නිලධාරීන් සම්බන්ධකර ගත හැකි පහසුකම්ද ඇතුළත් කර ඇත.
වාර්ෂිකව සංවිධාන වන ජාතික, පාසල් ක්‍රීඩා, යෞවන ක්‍රීඩා, මහවැලි ක්‍රීඩා සමගින් ආරක්ෂක අංශ හා ජාතික ක්‍රීඩා සංගම් මගින් සංවිධාන කරන ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට පහසුවෙන් සහභාගී වීමට හා පුහුණු වීමට අවස්ථාව සැලසෙන අයුරින් අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් මේ ක්‍රීඩා කැලැන්ඩරය නිර්මාණය වී ඇත.
කැලැන්ඩරය ජනපතිතුමන්ට පිළිගැන්වීමේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්.එම්.එම්.හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න, ක්‍රීඩා ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සම්පත් දිසානායක යන මහත්වරුන්ද එක්වූහ.

0 Comments