පසුගිය පාලනයේ එල්ලී සිටි පිරිසක් වත්මන් ආණ්ඩුවට එක්වී එක්සත් ජාතික පක්ෂයට පහර ගසන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැලියක් අමතමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා- අපි ගෙනාපු යහ පාලනය අපට වහ පාලනයක් වීමක් පෙන්නුම් කරනවා. මේ ආණ්ඩු ගේන්න කටයුතු කළ අපට එවැනි තත්ත්වයන් ඇතිවීම වේදනාකාරීයි. ඌව පළාත් සභාවේ සිදුවූ පහරදීම අප හෙළා දැකිය යුතුයි. එවැනි සිදුවිම්වලට එරෙහිව අප නැඟී සිටිය යුතුයි. තමන්ගෙ ආණ්ඩුවක් අරගෙන එක්සත් ජාතික පාක්ෂිකයින්ට තවම මොකුත් සිදුවුණා මදි කියා අපේ පාක්ෂිකයින්ගේ හිතට දුකක් ඇති. අගමැතිතුමා මට කීවෙ මෙම මැතිවරණයෙන් පසු දිය හැකි සියල්ල දෙන බවයි. හැබැයි මම බදුල්ල එක්සත් ජාතික පක්ෂ ජනතාවට කියන්නෙ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී අපගේ පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස ඉල්ලා සිටින්නෙ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ සටන ආරම්භ කරන්නයි.
මෙම මැතිවරණයෙන් පසුව ඉදිරි මැතිවරණ සඳහා ඡන්දය ලබා ගැනීමට මම බදුල්ලේ ජනතාවගේ නිවාසවලට නැවත පැමිණෙන්නෙ ගමේ අඩුපාඩුවලට විසදුම් ලබා දීල කියා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයේ එල්ලී සිටි කොටසක් අද අපට විරුද්ධ ක්‍රියා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එම තනතුරට රැගෙන ආවෙ අපියි. අපිටයි ජනාධිපතිතුමාව අයිති. ඌවේ මහ ඇමැතිවරයාගේ ක්‍රියා කළාපය පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න කියා අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිතුමාට මෙම ප්‍රදේශවල වතු ජනතාව, සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව ඡන්දය ලබා දුන්නෙ විශාල විශ්වාසයක් තබාගෙන. ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයන් අප දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔවුන් දැන් අපට පහර ගසනවා. අපගේ නායකයාට පහර ගහනවා. එදා පැවැති ජනාධිපතිවරණයේ දී මෛත්‍රී ජනපති, රනිල් අගමැති කියායි අප පෝස්ටර් ගැහුවේ. ඒක ඔවුන්ට මේ අවස්ථාවේ මතක් කර දිය යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඡන්දයක් ලබා දුන්නා නම් ඔහු දැනගෙන සිටියා මෛත්‍රිපාල මහතා ජනාධිපති වූ පසු රනිල් මහත්තයා අගමැති වන බව.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව එම තනතුරින් ඉවත් කිරිමට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඒක ඉෂ්ට කර ගන්න බැරි කාරණයක් බව මම ප්‍රකාශ කරනවා. පසුගිය පාලනයේ එල්ලී සිටි පිරිසක් මෙම ආණ්ඩුවේ එල්ලී අපට පහර ගසනවා. ඌව පළාත් ජනතාවට සේවය කරනවා කියා මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ සඳහා මට හොද කණ්ඩායමක් සිටිනවා.
අප ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමු. ඉන් පසුව අලුත් රටක් නිර්මාණය කරමු. අප අලුත් දේශපාලන රටාවක් ක්‍රියාත්මක කරනවා.
උපාලි කරුණාරත්න

0 Comments