Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රී කඳවුර ශක්තිමත් කිරීමෙන් ජනවාරි 8 අරමුණු තහවුරු වෙනවා

වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා

රට නැවතත් හොරුන් අතට පත් වීම වැළැක්වීමට නම් ජනතාව කළ යුත්තේ ජනවාරි 8 ජනතා අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඳවුර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශක්තිමත් කිරිම බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

චමීර පෙරේරා මහතා මේ බව පැවැසුවේ පුරවැසි සංවිධාන එකතුවේ මෙහෙයවීමෙන් කොළම සමාජය හා සාමයික කේන්ද්‍රයේ පසුගියදා (26) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා - මේ වනවිට මෙවර පළාත් පාලන මැතිවරණයේ දේශපාලන බෙදුම් රේඛාව පැහැදිලියි. හොරුන්ගෙන් හෝ මුදල් ලබා ගන්න පුළුවන් ලිබරල් ආර්ථික මූලධර්මය වෙනුවෙන් පෙනී සිටින කඳවුර සහ ජනවාරි 8 ජනතා අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින කඳවුර ලෙස මේ බෙදුම් රේඛාව සෑදී තිබෙනවා. මෙහි පළමු කඳවුරට එක්සත් ජාතික පක්ෂය සමඟ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එකතුවී සිටිනවා. දෙවැනි කඳවුරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ වාමවාදී, ප්‍රගතිශීලී, සුබසාධනවාදී ව්‍යාපාරයකටයි. මහින්ද රාජපක්ෂ මහතා අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළත් ඔහු නියෝජනය කරන්නේ එම පක්ෂයේ ප්‍රතිපත්ති නෙවෙයි. ඔහු අනුගමනය කරන්නේ චෞර වංශාධිපති ප්‍රතිපත්තියයි.

මහින්ද රාජපක්ෂට එජාපයට පහර දෙන්න අවශ්‍යතාවක් නෑ. ඔහු හදන්නේ බොරු විරෝධයක් පෙන්වා එජාපය ආරක්ෂා කරන්නයි. මහින්දගේ එජාප විරෝධය දේශපාලන උපක්‍රමයක් පමණයි. මේ දෙපිරිසට අවශ්‍යව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයෙන් පසු එකතු වෙන්නයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නියෝජනය කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හෘදය සාක්ෂියයි. ජනවාරි 8 ජනතා අභිලාශ ඉටු කිරීම සඳහා තමන්ගේ ඇති කැපවීම ඒ මහතා ක්‍රියාවෙන් ම පෙන්නුම් කළා. තමන්ගේ ම ආණ්ඩුවේ සිදුවූ බරපතළ වැරදි ක්‍රියා පවා හෙළිදරව් කිරීමට එතුමා ක්‍රියා කළේ ඒ නිසයි. මහබැංකු බැඳුම්කර සිද්ධියේදීත්, ඌව මහ ඇමැතිවරයාගේ සිද්ධියේදීත් පෙන්නුම් කළේ එයයි. ඒ නිසා අපි අපේ සගයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ අපට ආපසු හැරෙන්න බෑ ඒ නිසා මේ රට නැවතත් හොරුන් අතට පත්වීමට ඉඩ දෙන්න එපා කියලයි.

පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චාමර නාකන්දල මහතා- මහින්ද රජපක්ෂට දැන් අතීතයත්, වර්තමානයත් අමතකයි. රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගත් බව දැන් ඔහුට අමතකයි. මේ අමතකවීම බරපතළ ව්‍යාධියක්. ඔහු කවදාවත් පාර්ලිමේතුවේදී එජාපයට විරුද්ධව හෝ යහපාලන රජයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ නෑ. ඔහු එසේ ක‍ළේ දේශපාලන තක්කඩිකම නිසයි. ඔහු එජාපයට විරුද්ධව ඡන්දය නොදෙන්නේ තමන්ගේ වංචා ගැන සොයා දඬුවම් කරයි කියලයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොතැනකවත් සඳහන් වෙලා නෑ තමන්ගේ පැත්තේ හොරු ආරක්ෂා කරන්නේ නෑ කියලා. 2015 ජනවාරි 8 වැනිදා ජනතාව විශ්වාස කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන පමණයි. ඉදිරියේදී පැවැත්වෙන්නේ තීරණාත්මක මැතිවරණයක්. ඒ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් කළ යුතු ප්‍රමුඛතම බලවේගය වන්නේ මහින්ද රාජපක්ෂගේ බලවේගයයි. ඒ නිසා තමන්ගේ වංචා දූෂණ යට ගසා ගැනීමට මහින්ද රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය සමඟ ගෙන යන ඩීල් දේශපාලනය හොඳින් තේරුම් ගෙන තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවේ කම්කරු සමිති සභාපති ඩී.එම.පී.අබේරත්න මහතා ද අදහස් දැක්වීය.

සිතාරා සේනානි
ඡායාරූපය- චමින්ද නිරෝෂණ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();