Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුංචි ඡන්දය ගම හදන මැතිවරණයක්

ඇමැති මංගල සමරවීර

ගම ගොඩනැගිය හැක්කේ ආණ්ඩුව සමඟ සිටීමෙන් මිස, විපක්ෂයේ බොරුකාරයන් සමඟ සිටීමෙන් නොවන බවත් නොපිපෙන පොහොට්ටුවෙන් ජනතාවට ඵලක් නොවන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

මාතර ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මාතර මාකාවිට ප්‍රදේශයේ දී පසුගිය 27දා සවස පැවැති ජනහමුවක දී එලෙස පැවසූ ඇමැතිවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මහා ණය කන්දක් එක්ක අපි භාරගත් රටේ ආර්ථිකය හරි පැත්තට යොමුකර ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන හැට තුනක අතිරික්තයක් පෙන්වා තිබෙනවා. මේක ඓතිහාසික මොහොතක්. මාළු කර්මාන්තය සියයට හතළිහකින් වැඩිවෙලා කියා ඇමැතිවරයා කියනවා.

අපි විදේශ රටවල් දිනාගත්තා. ලෝක නායකයින් දිනාගත්තා. දැන් රාජ්‍ය නායකයින් එනවා. පසුගිය දිනවල සිංගප්පූරු රාජ්‍ය නායකයා, ඉන්දුනීසියා රාජ්‍ය නායකයා මෙරටට ආවා. ලබන මාර්තු මාසයේ ජර්මනියේ රාජ්‍ය නායකයාත් එන බවට ආරංචි ලැබී තිබෙනවා. මේ තමයි ලෝකය පුරා රටට තිබුණු කළු පැල්ලම අපි ඉවත්කළ ආකාරය.

මේක රජය පෙරලන, ජනාධිපති, අගමැති වෙනස්කරන මැතිවරණයක් නොවෙයි. රටේ පාලනය වෙනස්කරන මැතිවරණයක් නොවෙයි. මේක තියෙන ආණ්ඩුවෙන් ගම හදන මැතිවරණයක් පමණයි. ඒත් ඇතැමුන් මෙය පාලන බලය වෙනස්කරන මැතිවරණයක් ලෙස කියමින් ජනතාව නොමගයවා ඡන්දය කොල්ලකන්න හදනවා.

රට හැදුවා වගේම දැන් ගම හදාගන්න ඕන. මේක මුදල් ඇමැතිතුමාගෙන් ගම හදන්න වැඩගන්න මැතිවරණයක්. ඒ නිසා රජය සමඟ සිටින විට ගම හදාගන්න පුළුවන් බව හිතට ගන්න. මේක වේගයෙන් යන්න පුළුවන් ගමනක්. ඒක වේගයෙන් යන්න පුළුවන් රජයත් සමඟ සිටින පාලනයක් ගමේ ඇතිකරගත්තොත් විතරයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ගමේ පාලනය ලබාදෙන්න.

මෙවර මැතිවරණයේ දී දිනුවත් පැරදුණත් කාන්තාවන් සියයට විසිපහක් කාන්තාවන් පත්වෙනවා. ඒ අනුව මාතර ප්‍රාදේශීය සභාවටත් මන්ත්‍රීවරියන් හතරදෙනකු පත්වෙනවා. ඉන් එක්කෙනෙක් බවට මේ ශ්‍රියානිව පත්කරන්න.

අපි රැකියාවල් දුන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොවෙයි. මම 94 දී ඇමැතිවරයෙක් වෙලත් රැකියා දුන්නේ ඒ ආණ්ඩුවේ අවුරුදු දෙක තුනක් ගියාට පසුවයි. විශාල රැකියා ප්‍රමාණයක් ලබාදුන්නා. ඉදිරියේ දී එය ඊටත් වඩා වැඩිවෙන්න පුළුවන්. එය කෙසේද කියා මම මේ අවස්ථාවේ කියන්නේ නෑ. ඒය නීති විරෝධි ක්‍රියාවක් නිසා. අපි ජයග්‍රහණය කර ගම දිනවා ඉදිරි සංවර්ධනය ගමට ගෙන එන්න එකාවන්න කැපවෙමු කියා ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාව අමතා උපුල්සිරි කංගලආරච්චි මහතා ඇතුළු පළාත් පාලන ආයතන අපේක්ෂක අපේක්ෂිකාවන් කීපදෙනකු කතාකළ අතර පාක්ෂිකයින් ඇතුළු ප්‍රෙද්ශවාසීන් රැසක් ද එක්ව සිටියහ.

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

ඡායාරූප
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();