Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමාත්‍යංශ ලේකම්ගේ සහ පවුල් සාමාජිකයන්ගේ ගිණුම් පරීක්ෂාවට අවසර

සුභා‍ෂිණි සේනානායක

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට නැව් දෙකක් මිල දී ගැනීමේ දී නැව්වල වටිනාකමට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් ගෙවීමෙන් රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියේ හිටපු වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ඔහු‍ භාවිත කළ පරිගණකය පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (19) අවසර ලබා දුන්නාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස අවසර ලබා දුන්නේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද මෝසමක් ගොනු කරමින් හිටපු වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ‍රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ සහ ඔහුගේ පුවලේ සාමාජිකයන්ගේ ගිණුම් සහ පරිගණකය පරීක්ෂා කිරීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බලමිණි.

වසර 2017 දී නැව් සංස්ථාව මගින් සිදු කළ වත්කම් සම්බන්ධ විගණනයේ දී මේ බව හෙළි වී ඇති අතර, මිල දී ගත් එම නැව් දෙක සම්බන්ධයෙන් නැව් සංස්ථාව එංගලන්තයේ සී ඩබ්ලිව් කැලොක් සමාගම විසින් සිදු කළ තක්සේරුවක දී එම නැව් දෙකෙහි සත්‍ය වටිනාකම හෙළිවී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.

එංගලන්තයේ එම සමාගම සිදු කළ තක්සේරුවට අනුව නැව් දෙකහි මිල අමෙරිකානු ඩොලර් මිලියන 20කට තක්සේරු කර ඇතත් නැව් දෙක මිල දී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 35කට බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සිද්ධියට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 15ක පාඩුවක් රජයට සිදුව ඇති බවටත් මේ මුදල්වලට සිදුවූයේ කුමක් දැයි යන්න පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් සිදු කරන බවටත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();