අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත
මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන (22) අරම්භ වන අතර එහි දී පොලිස් ස්ථානවල, කච්චේරිවල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා මැතිවරණ කර්යාලවල ඡන්ද ලකුණු කිරීම සිදුවෙන බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආර්. එල්. ඒ. එම්. රත්නායක මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. අනෙකුත් රාජ්‍ය ආයතනවල ඡන්ද ලකුණු කිරීම ලබන 25 සහ 26 වැනි දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා ඡන්ද නිරීක්ෂණය කිරීමට එම කාර්යාලවල සේවය කරන පක්ෂ නියෝජිතයන්ට සභභාගි විය නොහැකිය. ඒවා නිරීක්ෂණයට දේශපාලන නිරීක්ෂණ සංවිධාන හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් එක් නියෝජිතයකුට සහභාගිවිය හැකි බව හෙතෙම සඳහන් කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත්වලින් පුද්ගලයන් 560,000ක් පමණ පිළිගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
0 Comments