මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකුරුවකු වන උදයංග වීරතුංගගේ රුපියල් මිලියන 71.5ක් වටිනා දොම්පෙ අක්කර 7ක් කොළඹ අක්කරයක් සහ කොළඹ ට්‍රිලියම් නිවාස සංකීර්ණයක මිල දී ගත් නිවස විකිණීම පැවැරීම සහ උකස් කිරීම අත්හිටුවමින් ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ගම්පහ සහ කොළඹ ඉඩම් රෙජිස්ටාර්වරුන්ට නියෝගයක් නිකුත් කළාය.
ඉහත සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් අටක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අනාවරණය වූ කරුණුවලට අනුව, සැකකරු නමින් මිල දී ගත් ඉහත දේපළ තහනම් කරන ලෙසට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.
0 Comments